දරුවෙකු යටකළ රියදුරුට ගම්මුන්ගෙන් ගුටිබැට

හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාසල් සිසුවෙකු යටකර පලා යාමට උත්සහා කිරීමේදී ප්‍රදේශවාසින් විසින් මෝටර් රථයේ රියදුරුට
බරපතල ලෙස පහර දීමේ සිදුවීමක් වාර්තා වේ .අද 13 පස්වරු 2 ට පමණ මේ අනතුර සිදුව තිබේ . මේ අනතුරින් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර
ඇත්තේ හලාවත සිරි සුජාත විදුහලේ ඉගෙනුම ලබන සිසුවෙකි . මේ සිසුවා පාසැල නිමවී නිවස කරා යාමේදී මේ අනතුර සිදුව තිබේ .
ප්‍රදේශයේ තත්වය පාලනය කිරීම සදහා හලාවත පොලිසිය මාදම්පේ පොලිසියේ සහයද ලබා ගෙන තිබිණි . හලාවත පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට
ගෙන හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබිණි . අනතුරින් තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර දරුවාගේ තත්වය අසාධ්‍ය බව
රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය .
හලාවත මුලස්ථාන පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි .