මස්කෙලියේ නායයාමක් – හැටන් චන්දන ජයවීර

 

 

මස්කෙළිය පොලිස් වසමට අයත්, මෝකා තේ වතුයායේ, 320 -Q ග්‍රාම නිලධාරි වසමේ,  උඩ කොටසේ වතු නිවාස පේළියක් ඉදිරිපිට පිහිටි ආරක්ෂක ගල් බැම්මක් පෙරේදා (09) පස්වරුවේ  අධික වර්ෂාවත් සමග කඩා වැටීමෙන් වතු කම්කරු පවුල් 08 ක සාමාජිකයින් 33 දෙනෙක් අවතැන්ව සිටිති.

අවතැන්වූවන් තාවකාලිකව එම් තේ වතුයායේ පෙර පාසල් ගොඩනැඟිල්ලක නවාතැන් ගෙන සිටිති. ඒ අතර පාසල් වයසේ ළමයින් 15 දෙනෙක් වෙති.

අවතැන්ව සිටින කම්කරු ප්‍රජාවට නෝර්වූඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් වියළි ආහාර ලබා දුන් බව මෝකා වසමේ ග්‍රාම නිලධාරිණී නඩරාජ් සීතා ලෙච්චුමී මහත්මිය පැවසුවාය.

අවතැන්ව සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ, ප්‍රදේශයට ඇද හැළුණ අධික වර්ෂාවත් සමග වතු නිවාස පේළිය ඉදිරිපිට තිබූ ආරක්ෂක ගල් බැම්ම කඩා වැටුණ බවයි. දිනපතා සවස් කාලයේ අධික වර්ෂාව පවතින නිසා එම බැම්මේ තවත් කොටසක් කඩා වැටීමට ආසන්නව  පවතින හෙයින් තම නිවාස වල ඉදිරියටත් රැඳී සිටීම දැඩි ජීවිත අවධානමක්  බව   එම කම්කරුවෝ පෙන්වා දෙති.

නිවාස වලින් පිටවී අවතැන්ව සිටින තමන්ට මෙවර දීපාවලී උත්සවය සැමරීමට නොහැකි බවත්, තාවකාලික විසඳුම් නොඳී ආරක්ෂිත ස්ථානයක පවුල් 08 ට නිවාස ලබා දෙන ලෙසත් අවතැන්ව සිටින වතු කම්කරුවෝ  වගකිවයුත්තන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed