මයිලත්තමඩු ගොවීන් සමඟ සාකච්ඡා කරන්න ගිය මාධ්‍ය කණ්ඩායමට ආරක්‍ෂක අංශයෙන් බාධා – – මයිලත්තමඩු සිට මෙලනි මානෙල් පෙරේරා

මඩකළපුව, මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය සහ වෙනත් වගාවන් සිය ජීවන වෘත්තියකරගත් ගොවීන්ගේ ඉඩම් ගැටලුවක් පිළිබඳව ගොවින් හමුවී සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා එම ප්‍රදේශයට කොළඹින් පැමිණී මාධ්‍ය කණ්ඩායමක් මයිලත්තමඩුව යුධ හමුදා මුරපොලේදී නවතා දමා සත්‍ය වාර්තා කිරීමේ අයිතිය උල්ලංඝණය කළ බව මාධ්‍ය කණ්ඩායම පවසයි.
නොවැම්බර් 09 වෙනි දා පෙරවරුවේ මෙම මාධ්‍ය කණ්ඩායම මයිලත්තමඩු ප්‍රදේශයට යෑමට පැමිණි විට, යුධ හමුදා මුරපොළේ සිටී පොලිස් නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, එම ප්‍රදේශයට යෑමට ඉඩ දීමට නොහැකි බව ප්‍රකාශකර තිබුණි.
එහෙත්, එකී මුරපොල හරහා ගමන්ගත් වෙනත් පුද්ගලයින් හට කිසිඳු බාධාවකින් තොරව ගමන් කිරීමට ඉඩලබා දුන් බව මාධ්‍ය කණ්ඩායම නිරීක්‍ෂණය කර ඇත.
මයිලත්තමඩු ප්‍රදේශය යනු මෑතදී බහුතරය දෙමළ කිරි ගොවීන් සහ වෙනත් භෝග වගාකරන සිංහල ගොවීන් අතර උණුසුමි ගැටුමක් උද්ගත වූ භූමි ප්‍රදේශයකි. කිරි ගොවීන් කියා සිටින්නේ ගවයින් 500,000 ක් පමණ ගවයින් සහ මී හරකුන් ආහාරයට ගන්නා තණබිම් අනෙකුත් දිස්ත්රික්කවල බෝග ගොවීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවයි.
පසුබිමේ ඇති සත්‍ය තොරතුරු වාර්තාකරණය සඳහා සිය වෘත්තිය ක්‍රියාත්මක කරන්නට ඉඩනොදීමේ පොලීසියේ සහ හමුදාවේ බාධාකිරීම ප්‍රතික්‍ෂේප කරමින්, මාධ්‍ය කණ්ඩායම විසින් මුරපොල භාර කරදියනාරු පොලිස් ස්ථානාධිපති දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්ත ද “එහි ප්‍රශ්නයක්’ තිබෙන බැවින් අවසර දිය නොහැකි බව දන්වා ඇත.
ඉන් අනතුරුව, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව ද දුරකථනය ඔස්සේ දෙවතාවක් සම්බන්ධ කරගත්ත ද නිසි ප්‍රථිචාර දක්වා නොමැත.

පොලීසිය හා හමුදාවට අමතරව බුද්ධි අංශයේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ද මාධ්‍ය කණ්ඩායම ගමන්ගත් වාහනයේ පවා ඡායාරූප ගෙන වීඩියෝ ගතකර ඇත.
පෙරවරු 10.10 සිට දහවල් 12.30 පමණ වන තෙක් මුරපොලෙහි රඳවාගෙන හිදිමෙන් අනතුරුව, අංක (36739) පොලිස් සැරයන් එච්. එම්. එම්. විද්‍යාරත්න සහ අංක (60073) පොලිස් කොස්තාපල් එච්. එම්. හේරත් යන අය විසින් දන්නවා ඇත්තේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත මයිලත්තමඩු ගොවීන් හමුවීමට අවසර ලබාදිය නොහැකි බවයි.
“බාධාවකින් තොරව සිය නිල කාර්යයන්හී නරත වීමට සහයවන මෙන් ඉල්ලා සිටිමි” යන වාක්‍යය සහිතව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම් පතෙහි ඇති වගකීම කුමක් ද යන්න සහ ආරවුල් මත භේද අවමකිරීම හෝ නැතිකිරීම සඳහා පවතින සත්‍යය තොරතුරු නිරාවරණය කිරීම ගැන ආරක්‍ෂක අංශ හෝ රජය මෙතරම් බිය ඇයි යන දැඩි ප්‍රශ්නය ඉතිරි වන බව මාධ්‍යකණ්ඩායමේ අදහසයි.