හලාවත ,ආරච්චිකට්ටුව යට වෙයිද ? ප්‍රසාද් පුර්ණමාල් කුරුණෑගල චාන්දනී දිසානායක

Flood warning for Deduru Oya Basin – No 01 – 2023.11.06
දැදුරුඔය ජලාශයේ සියලු වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරයි . ඒ අනුව දොරටු 04 ක් අඩි 04 බැගින් ද තවත් දොරටු 04 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17000 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ කර සිටී .
එබැවින් අවදානම් සහිත ප්‍රජාවන් කඩිනමින් දැනුවත් කරන ලෙස මේ වන විට කුරුණෑගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ඉල්ලා සිටි . මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , ආරච්චිකට්ටුව ,පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොධ්ධාශ වල පහත් බිම් ආශ්‍රිතව ජිවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටි
මේ අතර දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.