මහ වැසි මැද පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක මරණයට – නදීක දයා බණ්ඩාර

අයහපත් කාලගුණික තත්ත්වය යටතේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තෙල්දෙණිය සියඹලාගස්තැන්නේ පදිංචි දෙදරු මවක මරණයට පත්ව තිබේ.

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පිහිටි වෙළඳසැලක් මතට  ඊයේ (04) රාත්‍රී පස්කන්දක් කඩාවැටී ඇත. මේ හේතුවෙන් වෙළඳසැලේ සිටි ආර්. එම්. නිර්මලා රත්නායක නැමැති 36 හැවිරිදි දෙදරු මවක මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය පොලිසිය පවසයි.

පවුලේ සෙසු සාමාජිකයන් වෙළඳ සැලෙන් ඉවතට පැමිණ ඇති අතර පස් කන්ද කඩා වැටීමෙන් කාන්තාව ඊට යටවී තිබේ. බැකෝ යන්ත්‍රයක් යොදා  පස් ඉවත් කොට කාන්තාව එළියට ගන්නා අවස්ථාව වන විටත් ඇය  මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රකාශය වූ සඳහන් කළේය.

දිගින් දිගටම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවදානම් සහිත ස්ථාන හඳුනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කටයුතු යොදා තිබේ. අවදානම් සහිත ස්ථාවල පදිංචිකරුවන් විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *