ග්‍රාමීය සංවර්ධනය වඩාත් සාර්ථක වන්නේ මහජන අදහස්වලට ගරු කිරීම මගින්. මහනුවර දිස්ත්‍රික් ලේකම් ගුරුදෙණියේදී කියයි. – නදීක දයා බණ්ඩාර

සාර්ථක ග්‍රාමීය සංවර්ධනයක් අත් කරගත හැක්කේ මහජන අදහස්වලට වැඩි අවස්ථාව ලබාදීමෙන් යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.
ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා බොහෝ තීරණ ගමට අදාල වන්නේ දැයි පසුකාලීනව ප්‍රශ්නාර්ථයක් මතු වන බව ද ඒ මහතා කීවේය.
දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ ජනසභා පිහිටිවීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ජන සභාව ගුරුදෙණිය බටහිර වසමේ ස්ථාපිත කිරීම නිමිත්තෙන් ඊයේ (29) පැවැති සමාරම්භක අවස්ථාවට සහභාගීවෙමිනි.
ග්‍රාමීය මට්ටමින් මහජන සහභාගීත්වයෙන් ජන සභා පිහිටුවීම මෙහිදී සිදුවූ අතර වැඩිහිටි හා තරුණ පිරිස් සඳහා සමාන දායකත්වයක් ලබාදීම මෙහිදී සිදුවේ. ජාතික ජන සභා ලේකම්කාර්යාලයේ මැදිහත්වීම මත ග්‍රාම නිලධාරී වසම් ග්‍රාම නිලධාරී වසමකට එකක් බැගින් ජන සභා පිහිටුවන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ජන සභා 1187ක් පිහිටුවේ.
ගම සංවර්ධනය කිරීමේ දී ගමේ ජීවත්වන ජනතාව තුළ විසදුම් රැසක් පවතින බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා, අධික නාය අවදානමක් ඇති වලපනේ ප්‍රදේශයේ ගොවිතැන සඳහා ඇල වේලී සකස් කිරීමේදී ගොවිජනතාවගේ අදහස් සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දුන් බව කීවේය. එලෙස ඉදි කළ ඉදිකිරීම් මහ වැසි මැද වුවත් මේ දක්වා පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.
ජන සභා මගින් පාලම්, බොක්කු, ක්‍රීඩා පිටි ඉදිකිරීම මෙන්ම වෘත්තිය පුහුණූව, මහජන ආරක්ෂාව වැනි සියලුම අංශ ආවරණය වන බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා, ගම සංවර්ධනයේදී එවැනි සියලු අංග පිළීබදව අවධානය යොමු විය යුතු යැයි පෙන්වා දුන්නේය.
ජනසභා පිහිටුවීමේදී ස්වාධීන මහජනයා පත් කර ගැනීම අනිවාර්යය බව කී ඒ මහතා ඒ සඳහා කැපවීමෙන් යුතු අවංක පිරිස් යොදා ගැනිම මගින් ගමට අපේක්ෂිත සේවාව ඒ අයුරින් ඉටු කර ගත හැකි යැයි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අකලංක හෙට්ටිආරච්චි, මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාට එක්විය.