රටට සෙත් පතමින් සීදූව අමරවංශ විහාරස්ථානයෙන් මහනුවර දී ආශිර්වාද බෝධි පූජාවක් – නදීක දයා බණ්ඩාර – මහනුවර

සමස්ථ ලක්වාසී ජනතාවට ආශිර්වාද පතා කටුනායක, සීදූව අමරවංශ විහාරස්ථානය සංවිධාන කළ බෝධි පූජාවක් ඊයේ  (05) මහනුවර දී පැවැත්විණි. එහි විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත, ශ්‍රාස්ත්‍රවේදී සීදූවේ සුමනවංශ හිමියන්ගේ මෙහෙයවීම මත මහනුවර නාථ දේවායේ වල් බෝධිය අසලදී මෙම බෝධි පූජාව පැවැත්වුණී. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු මෙරට සමස්ථ මහජනයාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම බෝධි පූජාව පැවැත්වුණු අතර එම විහාරස්ථානය සංවිධාන කළ හතළිස්වෙනි බෝධි පූජාව මෙය වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ අමරවංශ විහාරස්ථානයේ දායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම ආගමික වැඩසටහන පැවැත්වුණු අතර හෙට දිනයේදී ශ්‍රී දළදා මාලිගාවේදී මහ සංඝරත්නය විෂයෙන් දානමය පුණ්‍යකර්මයක් පැවැත්විමට සීදූව අමරවංශ විහාරස්ථානය කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *