ගොවි ක්ෂේත්‍ර පාසල් සඳහා පහසුකම් සපයන්නන් ලෙස කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කිරීමට FAO Sri Lanka පියවර ගනී. – අයෝධ්‍යා අමරජීව

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේලෝක ආහාර වැඩසටහන (WFP) විසින් 2023 පෙබරවාරි/මාර්තු මාසවලදී ඒකාබද්ධව සිදු කරන ලද බෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම (CFSAM) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු වෙමින් පවතී. වාර්තාව ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන 3.9 ක ජනතාවක් එනම් ජනගහනයෙන් සියයට 17 ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන අතර එය පසුගිය වසරේ ජුනි/ජූලි වලට වඩා සියයට 40 කට ආසන්න අඩුවීමකි.
10,000 කට ආසන්න පිරිසක් දැඩි ලෙස ආහාර අනාරක්ෂිතව සිටින නමුත්, එය පසුගිය වසරේ පුද්ගලයින් 66,000 සිට පහත වැටී ඇත. නමුත් ඉකුත් වසරේ පොහොර පිළිබදව ගන්නා ලද විවිධ තීරණ වල ප්‍රතිඵලයක් ලෙස 2021-2022 දී අඛණ්ඩව කන්න දෙකක් සුළු අස්වැන්නක් ලැබීමෙන් වී නිෂ්පාදනය සියයට 40 කින් පමණ පහත වැටුණු අතර එය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බරපතල තර්ජනයක් විය. ඉහත සඳහන් කරන ලද තත්ත්වයන් යටතේ රට තුළ ආහාර සුරක්ෂිතතා පද්ධතිය පහසුවෙන් පීඩාවට පත්විය හැකි බව යන කරුණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, යුරෝපීය සංගමයෙන් (EU) යුරෝ මිලියන 4ක මූල්‍යාධාර ඇතිව FAO විසින් RiceUP නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, FAO සහ එහි හවුල්කරුවන් විසින් දිස්ත්‍රික්ක හතරක: (අම්පාර, බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව), කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් 289 ක් සඳහා
ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNM) පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. මෙම පුහුණුව මගින් වී ගොවීන්ට පාංශු කළමනාකරණය සහ රසායනික යැපීම අවම කරමින් බෝග අස්වැන්න ඉහළ නැංවීම සඳහා කාබනික සහ රසායනික පොහොර ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳව මඟ පෙන්වීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ඔවුන් වෙත ලබා දෙනු ඇත.
කෘෂිකාර්මික අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ට ප්‍රශස්ථ භාවිතයන් සඳහා දැනුම සහ කුසලතාවන් ලබා දීමේ පියවරක් ලෙස, FAO විසින් ශ්‍රී ලංකාවේ වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක් පුරා සිටින කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. පුහුණුවෙන් පසුව ව්‍යාප්ති නිලධාරීන් විසින් අම්පාර, බදුල්ල, හම්බන්තොට, සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවි ක්ෂේත්‍ර පාසල් සඳහා පහසුකම් සපයන්නන් ලෙස ක්‍රියා කරනු ඇති අතර තිරසාර වී වගාව සඳහා ප්‍රශස්ථ භාවිතයන් අනුගමනය කිරීමට ගොවීන් පුහුණු කරනු ඇත. මෙම පුහුණු වැඩසටහන් මගින්, රසායනික පොහොර මත යැපීම අඩු කරන අතරතුර බෝගයේ අස්වැන්න වැඩි කිරීම සඳහා කාබනික සහ රසායනික පොහොර ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහ පාංශු කළමනාකරණය පිළිබඳව වී ගොවීන්ට මඟ පෙන්වීම සඳහා ව්‍යාප්ති නිලධාරීන්ට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ කරනු ලැබේ.
ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව, බතලගොඩ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී 2023 ජූලි 19 සිට අගෝස්තු 18 දක්වා පවත්වන ලදී. මෙසේ පුහුණුව ලැබූ පුහුණු ව්‍යාප්ති නිලධාරීන් ගොවි ක්ෂේත්‍ර පාසල් මඟින් ගොවීන් 6,000ක් සඳහා සෘජුවම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපදෙස් ඇතිව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක් තුළ ගොවි ක්ෂේත්‍ර පාසල් සඳහා පහසුකම් සපයන්නන් ලෙස කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ පුහුණු අත්පොතක් ද සකස් කොට ඇත. මෙම අත්පොත පහසුකම් සපයන්නන් ලෙස කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කිරීම සඳහා සහ ගොවි ක්ෂේත්‍ර පාසල් පැවැත්වීම යන දෙකම ක්‍රියාත්මක කිරීම සඳහා සාධනීයව මග පෙන්වනු ඇත.
ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය යනු පරිසරය ආරක්ෂා කරමින් පසෙහි ගුණාත්මක බව සහතික කරන, හායනය වළක්වන සහ බෝග ඵලදායිතාව උපරිමය දක්වා ගෙන එන තිරසාර භූමි කළමනාකරණ පිළිවෙතකි. FAO විසින් ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමෙ වැඩසටහන නිළ වශයෙන් ආරම්භ කිරීම යනු තෝරාගත් දිස්ත්‍රික්ක වල සුළු පරිමාණ ගොවීන්ට යූරියා පොහොර ලබාදීම සහ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම යන කාරණා දෙක වෙනුවෙන්ම සිදු කරන ඒකාබද්ධ ප්‍රතිචාරයකි. ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය වෙත යොමු වීමෙන් සහ යූරියා පොහොර වෙත යොමු වීමෙන්, සුළු පරිමාණ වී ගොවීන්ට පිරිවැය අඩුකර ඵලදායිතාව වැඩිදියුණු කරගත හැකිවන අතර, එය හොඳ ලාභදායීත්වයකට සහ අනාගත කම්පන වලට ඔරොත්තු දීමටද හැකියාව ලබාදෙනු ඇත. ගොවි ක්ෂේත්‍ර පාසල් යනු 1994 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඵලදායී ගොවි පුහුණු ප්‍රවේශයකි. ශ්‍රී ලංකාව තුළ ගොවි ක්ෂේත්‍ර පාසල් තිරසාර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සහ විවිධ කෘෂිකාර්මික හා පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා පුළුල් ලෙස භාවිතා කර ඇත. ගොවි ක්ෂේත්‍ර පාසල් සඳහා සාමාන්‍යයෙන් ගොවීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වන අතර ඔවුන් ඉගෙනීමට, සහ අත්දැකීම් බෙදා ගැනීමට, නව කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම සහ පසෙහි තිරසාර කළමනාකරණය සමඟ පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීම සාමූහිකව අත්හදා බැලීම සිදුකරනු ඇත. වී වගාවේ ගැටලු වලට සාමූහිකව විසඳුම් සොයන අතරම ඵලදායිතාව ඉහළ නැංවීමට වී ගොවීන් පෙළඹවීම සඳහා ව්‍යාප්ති නිලධාරීන් විසින් ඔවුන්ගේ දිස්ත්‍රික්කවල සංවිධානය කරනු ලබන ගොවි ක්ෂේත්‍ර පාසල් හරහා මෙම ක්‍රියාවලිය පහසු කරනු ඇතැයි FAO අපේක්ෂාකරයි.
සුරක්ෂිත හා කාර්යක්ෂම පොහොර භාවිතය සහ ගුණාත්මක බීජ භාවිතය ඇතුළු තිරසාර කෘෂි පිළිවෙත් ක්‍රියාවට නැංවීම තුළින් සහ IPNM ක්‍රමෝපායන් ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාප්ති නිලධාරීන් අතර ගොවි ක්ෂේත්‍ර පාසල්අ නුවර්තනය වීම ඇතුලු තිරසාර ගොවිතැන් ක්‍රමහරහා RiceUP ව්‍යාපෘතිය මගින්, ශ්‍රී ලංකාවේ වී ගොවිතැන් ක්ෂේත්‍රයේ ඵලදායිතාව, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායයන් ඉහළ නැංවීම අරමුණු කරයි. සිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදිගුකාලීන තිරසාරභාවය සහ ඔරොත්තුදීමේ හැකියාව තහවුරු කිරීමට FAO කැපවී සිටියි.