පාංශුකූලය අහිමි මිනිස්සුන්ට යුක්තිය පමා කිරීම ද අපරාධයකි – මෙලනි මානෙල්
“හෙට දවසේ යුක්තිය ඉටු වෙන්න නම්, ඒ නීතියේ දෙවගන ශක්තිමත් විය යුතුයි. ඒ නීතියේ දෙවගනව මේ සමාජයේ විවිධ පුද්ගලයින් අපයෝජනය කරනවා. ඒ නිසා අපිට කොහෙන්ද යුක්තියක් ? මම නීතියේ දෙවගනගෙන් ඉල්ලා සිටිනවා ඔබේ බැද තිබෙන දෑස් විවිර කර අප දෙස බලන්න. එවිට ඔබ ඉදිරියේ සිටින අපරාධකාරයින්ව සහ අපරාධකාරයින්ට දණ්ඩ මුක්තිය ලබාදෙමින් ඔවුන් ආරක්‍ෂාකරන අපරාධකාරයින්ව ඔබට පෙනේවි. මම ඉල්ලා සිටිනවා ඒ අපරාධකාරයින්ව දවාඅලුකර දමන්න. ජීවිත හානිකර සිටින සියලුම අපරාධකාරයින්ව මේ පොලොවෙන් ඉවත් කරන්න” කියා මම ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්කර ඔක්තෝබර් 04 වෙනිදාට දින 5000ක් ගතවීම නිමිත්තෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවෙිදි ප්‍රගීත් එක්නැළිගොඩ බිරිද, සන්ධ්‍යා ප්‍රියංගනී
එක්නැළිගොඩ විසින් එම අදහස් ප්‍රකාශ කළේය.
2010 ජනවාරි 24 වෙනිදා අතුරුදහන් කළ සිය සැමියාගේ යුක්තිය වෙනුවෙන් පසුගිය කාලසීමාව තුළ ඇය විසින් ඉටුකළ කැපකිරීම් සම්බන්ධයෙන් සිහිපත් කළ සන්ධ්‍යා , මම පත්තිනි මැනීයෝ ලග කන්නලව් කලා. කාලි මැණියෝ ලගට ගොස් වස්කවි කිව්වා. සැමියා වෙනුවෙන් හිස මුඩු කළා. වෛර්ණ වල සතුට විදින එක අතහර දමා කලු ඇන්දා. මගේ ජීවිතය ම මගේ සැමියාගේ යුක්තිය වෙනුවෙන් කැප කළා. අද 5000 වෙනි දවසේ තවත් විශේෂ දෙයක් මම සිදුකළා, නීතියේ දෙවගනට මම වතාවත් කළා. එළෙඹන හෙට දවසේ සිට මගේ සැමියාගේ යුක්තිය වෙනුවෙන් මම නීතියේ දෙවගන සමග මගේ ගමන යනවා.” යැයි ප්‍රකාශ කළේය.
එබැවින් 5001 වැනි දිනෙයේ සිට ඇගේ ගමනට නීතියේ දෙවගන ද එකතුකර ගන්නා බව කීවේය.
ප්‍රගීත් එක්නැළිගොඩ විසින් ජීවත්ව සිටිය දී සිදුකළ වෘත්තීමය ලිපි ලේඛණ සහ කාටුන් යනාදිය දඔහුගේ වෘත්තීය ජීවිතයේ දී භාවිතා කළ ඇතැම් භාණ්ඩද , ප්‍රගීත් අතුරුදහන් කිරිමෙන් අනතුරුව, ඔහු වෙනුවෙන් විවිධ අවස්ථා වලදී සන්ධ්‍යා සහ දරුවන් දෙදෙනා විසින් අදිනු ලැබු චිත්‍ර , කාටුන් යනාදිය ද ප්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙස් විදෙස් හිතවතුන් එවන්නට යෙදුනු විවිධ දිරිගැන්වීම් පසුබිමකරගත් විචිත්‍රවත් සුබ පැතුම් පත් සහ ලිපි ද ඔහු වෙනුවෙන් ලද සම්මාන කිහිපයක් ද සමන්විත ප්‍රදරශනයක් ඔහු ජීවත් වූ නිවසේදි දින 5000 සමරමින් පැවැත්විය.ප්‍රගීත් වෙනුවෙන් පැමිණි ආරාධිතයින් විසින් පහන් දැල්වීම සිදුකරමින් පාංශූකූලය අහිමි මිනිසුන්ට යුක්තිය පමා කිරීම ද අපරාධයකි යන තේමාව ඔස්සේ ප්‍රදර්ශනයත් මාධ්‍ය සංකච්ඡාවත් සංවිධානය කර තිබුණී.
සැමියා අතුරුදන් වුව ද, අතුරුදන් වු සැමියා දින 5000ක් පුරා ජීවත් කරවූයේ කෙසේද යන්න සියැසින් දැකිමට, ඇසීමට මහජනතාවට ඉඩලබා දෙමින් එකී ප්‍රදර්ශනය ඊයේ සිට එළඹෙන
ඉරිදා තෙක් විවෘතව තබන බව සන්ධ්‍යා එක්නැළිගොඩ ප්‍රකාශ කරමින් එය නැරඹිමට පැමිණෙන ලෙසට මහජනතාවට ආරාධනා කළේය.
දින 5000ක් තුළ ප්‍රගීත් හට අහිමි වූ යුක්තිය ද අන් සියලුම දෙනාට හිමිවිය යුතු යුක්තිය ද දිනාගැනීම සඳහා , ජනතාව ඒකරාශි විය යුතු බව ඔවුහු කීහ.
වර්තමානයේදි ලංකාවේ පවතින මර්ධන කිරීම් වලට සහ යුක්තිය අහිමි වූවන් හට යුක්තිය ලබාදීම සඳහා තවත් ප්‍රමාද නොවී ලංකාවේ සියලුම ජනතාව, ජාති ආගම් භේදයකින් තොරව ඒකරාශීව ක්‍රියාකිරීමට පෙරමුණ ගතයුතු බව අවධාරණය කළහ.
