වෛද්‍යවරු හිඟයෙන් වටවල රෝහල වැසේ.ප්‍රදේශවාසීන් මැසිවිලි නගති .-චන්දන ජයවීර – හැටන්

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු නොමැති නිසාත් ,එකම වෛද්‍යවරියට දිවා රාත්‍රියේ සේවය කල නොහැකි බව පවසමින් හැටන් – වටවල රජයේ දිසා රෝහල පස්වරු 4 සිට පෙ.ව 8.00 දක්වා වසා දැමිමට පියවර ගෙන තිබේ .එම තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ මෙන්ම හැටන් – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් උද්ගත වී ඇති බවට ජනතාව චෝදනා කරති .
මධ්‍යම පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හැටන් – වටවල රෝහල හැටන් ,කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් හා ගිනිගත්හේන මාර්ගය ආසන්නයේ පිහිටා තිබේ .වටවල නගරය හා සමන්පුර හා ඥානානන්ද ගම්මානය හා ටෙම්පලිස්ටෝ ,වටවල වත්ත.කැරලයිනා .වැලිඔය .රොසැල්ල ,කුයිල්වත්ත ,දියගල ආදි තේ වතු රැසක ජනාවාස 14 පමණ වු පුද්ගලයින් 5000 ට ආසන්න ජනතාවට සේවය සලසන එකම රෝහල මෙය වේ .එමෙන්ම රිය අනතුරු සිදුවන බොහෝ අවස්ථාවන් වලදී මුලික ප්‍රතිකාර සලසන රෝහලකි .
එවන් සේවාවක් සලසන මෙම දිස්ත්‍රික් රෝහලේ එක් වෛද්‍යවරයෙකු සිටින නිසාත් ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාගේ උපදෙස් පරිදි බව සදහන් කරමින් ඊයේ (02)ප.ව 4.00 සිට ප්‍රතිකාර කිරිම හා රෝගීන් ඇතුලත් නොකරන බව සදහන් දැන්වීමක් වෛද්‍ය නිලධාරි විසින් ගේට්ටුවේ දැන්වීමක් ප්‍රදර්ශනය කර ගේට්ටුව එය වසා දැමීමට ද කටයුතු කර තිබේ .
මෙම රෝහලේ සේවයේ යෙදවිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව 3 කි .නමුත් සේවයේ රැදි සිටියේ වෛද්‍යවරියන් ම දෙදෙනෙක් වන අතර ඉන් එක් වෛද්‍යවරියක ඩෙංගු රෝගය වැලඳීම නිසා සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් දින ගණනාවක් දිවා රාත්‍රියේ මෙම වෛද්‍යවරිය සේවය කිරිමෙන් පසු මෙම තීරණය ගත් බව ප්‍රදේශවාසීන් පවසති .
කෙසේ වෙතත් වටවල රෝහල හැර ආසන්නයේ පිහිටි රෝහල් වන්නේ ගිනිගත්හේන හා දික්ඔය රෝහලයි .ඒ සදහා දුර කි.මි 10ක ට වැඩිය . තේ වතු වල අබලන් මාර්ග වලින් හදිසි රෝගීන් ,ගැබිනි මව්වරුන් ,දරුවන් රෝහල වෙත ගෙන ඒම ඉතා දුෂ්කර හා අධික වියදමක් දැරීමට සිදු වී තිබිය දීත් තවත් දුරක් රෝගියෙක් ගෙන යාමට තරම් හැකියාවක් නොමැති නිසා කඩිනමින් මෙම වෛද්‍ය හිඟයට පියවරක් ගෙන දිවා රාත්‍රියේ වටවල රෝහල විවෘත්ත කිරිමට පියවර ගන්නා ලෙස වගකිවයුත්තන්ගෙන් ඔවුහු ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන් කල විමසීමක දී පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය රෝහල් බොහෝමයක් පවත්වාගෙන යන්නේ වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් .මේ රෝහලත් එලෙසම යී .එක් වෛද්‍යවරයෙක් සෞඛ්‍ය හේතුන් මත සති දෙකක් නිවාඩු ගැනීම නිසාත් ,සේවයේ නියුතු වෛද්‍යවරිය කුඩා දරුවකු ද සිටින නිසාත් පැය 24 ම සේවය කිරිමේ අපහසුවක් තියෙනවා.විකල්ප වෛද්‍යවරයෙක් අනුයුක්ත කිරිමටත් හැකියාවක් නැති නිසා බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය දිවා කාලය තුල දී පමණක් පවත්වාගෙන යාම සිදු කිරිමට සිදුවී තිබෙනවා.