අලියාගෙන් වයඹ පළාතට වන හානිය වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වැය කරයි.-කුරුණෑගල කුමාරි දිසානායක

2023 වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා ගෙවුණු මාස 8 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයෙ මිනිස් මරණ 14 සමඟ දේපල හානි සඳහා රුපියල්
17 319178.00 ගෙවා ඇති අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ ගෙවුණු මාස අට තුළ දී මිනිස් මරණ පහක් සමඟ දේපළ හානි සඳහා රුපියල් 8793095.00 මුදලක් වශයෙන්
වයඹ පළාතේ ම අලි හානි වන අලි හානි වෙනුවෙන් රුපියල් 26112273.00 ක මුදලක් ගෙවා ඇති බවට වයඹ පළාත් සභාවේ පැවැති වන ජීවී ගැටලු සහ තිරසාර විසඳුම් සාකච්ඡාවේ දී අනාවරණය විය.
වන ජීවී ගැටලු වලට තිරසාර විසඳුම් සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව වන සංරක්ෂණ හා වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ සහභාගිත්වයෙන් පැවැති වැඩසටහන දී දිස්ත්‍රික් ලේකම්වරයා මේ තොරතුරු අනාවරණය කළේය.
ඔහු ඉදිරිපත් කළ එම තොරතුරු වලට අනුව ගෙවුණු මාස අට තුළ දී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිනිස් මරණ දාහතරක් වාර්තා වන බවත් දේපළ හානි 180 ක් වාර්තා වන බවත් තොරතුරු අනාවරණය කළේය.
2022 වසරේ දී මිනිස් මරණ 45ක් සමඟ දේපළ හානි 150ක් සිදුව ඇති අතර 2022 වසරේදී වන අලි හානි සඳහා රුපියල් 1300000.00 ක පමණ මුදලක් හානි වශයෙන් ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
2022 වසරට වඩා මේ වන විටත් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වන අලි හානිය වෙනුවෙන් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය විය.
මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් කුරුණෑගල දිස්ත්‍රික් වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ වන අලියන් පෙර වර්ෂ වලට වඩා ජනාකීර්ණ ප්‍රදේශ වලට ගමන් කිරීම නිසා හානි වැඩිපුර සිදුවන බවයි.
ගල්ගමුව ,පුත්තලම ,නවගත්තේගම,වනාතවිල්ලුව,ආණමඩුව ප්‍රදේශයන්හි ගොවි සංවිධාන වල නියෝජිතයන් ප්‍රදේශයේ ඔවුන් මුහුණ පා ඇති වල් අලි ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.වනජීවී සංරක්ෂණය සහ අලි මිනිස් ගැටුම අවම කිරීමේ කෙටිකාලීන,මධ්‍යකාලීන,දීර්ඝකාලීන විසඳුම් මෙහිදී ඉදිරිපත් කල අතර ඉක්මනින්ම ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා හා වනජීවී අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කලහ.