ලංකාවේ පාර්ලිමේන්තුව  ලේ තැවරුණු ජනමතයකින් හෙබි පාර්ලිමේන්තුවක් — මෙලනි මානෙල් පෙරේරා

මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති ලේ තැවරුණූ ජනමතයක නියෝජනයක් බවත් එය නිමාකිරීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බවත්, පරපුරක බලය ව්‍යාපාරයේ මහ ලේකම් චාමර  නාකන්දල ප්‍රකාශ කළේය.

මිනිස්සුන්ගේ මළකඳන් මතින් ගොඩනගපු බලයක් සහ ඒ බලය මතින් ගොඩනැගුණූ ආණ්ඩුවක් පවතින්නේ. රටේ පවතින දැවෙන අර්බුදවලට කඩිනම් විසඳුම් ගන්න බැරිනම්, ජනාධිපති මේ ආණ්ඩුව විසුරුවා හැරලා ජනතාවගේ ආණ්ඩුවක් පත්කරගන්න ඉඩ දෙන්න ඕනේ. යැයි පසුගිය දා මාධ්‍ය ආමන්ත්‍රණය කරමින් ඔහු කීවේය.

දැන් ඔබට ඉන්න අයිතියක් නැහැ. ලේ තැවරුණු ජනමතයක ඊළග අනුප්‍රාප්තිකයා හිටියට ඉන්න රනිල් වික්‍රමසිංහට දැන් අයිතියක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා කරුණාකරලා ආණ්ඩුව විසුරුවන්න. මහජනතාවට සාධාරණයක් ඕනේ. යනුවෙන් ඔහු අවධාරණයෙන් යුතුව පැවසීය.

එමෙන්ම , පසුගිය ජනාධිපතිවරණයේදී වැරදීමකින් , රැවටීමකින් හෝ ඕනෙකමකින් හෝ ගෝඨාභය ජනාධිපති කරවීම සඳහා තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කළ පුරවැසියන් ආමන්ත්‍රණය කරමින් චාමර නාකන්දල කියා සිටියේ ඔහු දිනවීම ඉතා විශාල වැරදීමක් , අපරාධයක් බැවින් ඒ ලේ තැවරුනු , රට විනාශ කළ ජනමතය ආපසු හැරවීම මේ රටේ සුලු හෝ හෘදසාක්‍ෂියක් හෝ බුද්ධියක් තිබෙන පුරවැසියන්ගේ වගකීම බව සිහිපත්කරමින් ඒ සඳහා ආරාධනා කරන බවයි.

වැනල් 4 විඩීයෝ වැඩසටහන තුළින් තනුක වෙමින් පැවතිී, වැළලිච්ච, බිඳවැටිච්ච මහා අපරාධයක් පිළිබඳව මිනිස්සුන්ගේ අදහස යළිත් ඉස්මතු කරගෙන සාකච්ඡාවට ගැනීමට හැකියාව ලබාදීම ගැන වැනල් 4 නාලිකාවට ස්තූතිවන්ත වන බව ද වීඩියෝව තුළින් රටට අපකීර්තියක් සිදුවන්නේ යැයි ප්‍රකාශ කරන්නේ නමි, එසේ වන්නේ විීඩියෝව නිසා නොව, එහි අඩංගු කරුණු යට ගසා, වසා, විනාශකර දමන්නට ක්‍රියා කළොත් යැයි පැවසූ ඔහු එවැනි අන්තයකට පැමිණියහොත්, ශ්‍රී ලංකාව ම්ලේච්ඡ රටක් විධියට ඉතිහාස ගතවනු ඇති බව ද ප්‍රකාශ කළේය.  

 
එබැවින්, එම වීඩියෝවේ ඇතුුුුලත් කරුණු පිළිබදව සාකච්ඡා කර පරීක්ෂණය කර වැරදිකරුවන් හට දඩුවම් කළොත්, මේ රටට කිසිම අපකීර්තියක් සිදුනොවනු ඇති බවත්, කීර්තිය හෝ අපකීර්තිය ලබාගැනීම සදහා මේ ‌මොාත්දී එහි වගකීම පැවරී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත බවත් ඔහු පැවසීය.

එමෙන් ම, මහින්ද රාජපක්‍ෂ , ගෝඨාභය රාජපක්‍ෂ ඇතුලු රාජපක්‍ෂවරු පාස්කු ප්‍රහාරයට සමිබන්ධ නැහැ කියා චැනල් 4 වීඩියෝවට එරෙහිව පෙනීසිටින, ප්‍රකාශ කරන, මෙරට පුරවැසියන්  ඊට සම්බන්ධ අය පිළිබඳව සීඅයිඩි යට කටඋත්තරයක් ලබාදෙන්න කියාත්, ඒ විරෝධතාවලට කුලියට ගෙනෙන මිනිස්සුන් හට කුලියට තමන් රැගෙන යන්නේ කුමක් සඳහාද, තමන් ඔසවාගෙන සිටින පෝස්ටරයේ ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව නිවරැදි දැනුවත් කමක් ලබාදෙන්න කියාත් චාමර නාකන්දල පැවසීය.

චැනල් 4 නාලිකාවේ එකී වැඩසටහනට විරෝධය පෑම සඳහා පසුගිය දා කොළඹදී පැවතී උද්ඝෝෂණයකට පැමිණ සිටී පිරිසකගෙන් සමාජ මාධ්‍ය විසින් අදහස් ලබාගැනීමට උත්සාකළ ද ඔවුන්ට කිසිඳු අදහසක් ප්‍රකාශකරගැනීමට නොහැකිව අරසණ බවට පත්වූ සැටි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය විය.  දන්නේ නැහැ යන්න ඔවුන්ගේ එකම පිළිතුර විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed