පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට සමාව දීමට කොළඹ අගරදගුරු හිමිපාණන් සූදානම් — මෙලනි මානෙල් පෙරේරා
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින අපරාධකරුවන් වගකීම භාරගෙන පසුතැවිලි වුවහොත් ඔවුන්ට සමාව දිය හැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සති අන්තයේ අවධාරණය කළේය.
“පල්ලියට අවශ්‍ය වන්නේ සත්‍යය දැන ගැනීමට පමණි”. යනුවෙන් අගරදගුරු හිමි අවධාරණය කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගෙන පසුතැවිලි වන්නේ නම් ඔවුන්ට සමාව දීමට අපි සූදානම්, දකුණු අප්‍රිකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමෙන් පසුව වාර්ගික කෝලාහලවලට සම්බන්ධ වූවන් පැමිණ තමන් කළ වැරදි ගැන පසුතැවිලි වූවාය. නෙල්සන් මැන්ඩෙලා සියලු වැරදි කළ අයට පසුතැවිලි වූ පසු සමාව දුා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් පසුතැවිලි වුවහොත්ල, ඔවුන්ට සමාව දීමට අපි සූදානම්, ”යැයි අගරදගුරුතුමා මෑතකදී පැවැතී දේව මෙහෙයකදී පැවසීය.
“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා කරන අය තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්වී අවංකභාවය ප්‍රදර්ශනය කළ යුතුයි. අවංකකම දේශපාලනඥයන් පිටුපස සැඟවී නැහැ. සත්‍යය වැළඳ ගැනීමට බිය විය යුතු නැහැ,” අගරදගුරු වැඩිදුරටත් පැවසීය.