සිංහල ,දමිළ ,මුස්ලිම්   බොදු අධ්‍යාපනය ලබන දහම් පාසල – චන්දන ජයවීර – හැටන් 

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු ඉතා මනරම් සෞන්දර්යාත්මක පරිසරයක් තිබෙන බහු වාර්ගික හා බහු ආගමික ජනතාවක් ජීවත් වන ප්‍රදේශයකි.

එම මනරම් ප්‍රදේශයේ සැඟවුන දුෂ්කරතාව අතිමහත් වන අතර එවා සුදු මීදුමට වැසී හීතලට හැකිළී තිබෙන්නාසේම සමාජ ගත නොවි පවති .එයින් පීඩාවට පවත්වන්නන් අතර පාසල් වයසේ පසු වන දරු දැරියන් විවිධ දුක් පිඩාවන්ට ගොදුරුව සිටිති.

විහාරස්ථානයක් වුවද ඉතා අල්ප වු බෞද්ධයන් අතරේ බහුතරයක් අන්‍ය ආගමිකයන් වෙසෙන ප්‍රදේශවල අවම පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන යනු ලැබේ

.ඒ අතර ආගමික හා ජාතික සංහිඳියාව සැබෑවට ම ගොඩ නැගුන එහෙත් අප්‍රසිද්ධියේ පවතින ආදර්ශමත් අවස්ථා තිබේ. එවන් වු අපුරූ ස්ථානයක් අපට තලවාකැලේ – ලිදුල – නාගසේන ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙරට සෑම විහාරස්ථානය ක  මෙන්ම  තලවාකැලේ – නාගසේන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී  මහින්දාරාම  විහාරයේ ද ප්‍රදේශයේ දරුවන් සදහා දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලකි .වසර 20 පමණ කාලයක සිට ක්‍රියාත්මක මෙම දහම් පාසලේ සේවය කරන ගුරු මණ්ඩලය 12 කි.

මුලින් ම දරුවන් කිප දෙනෙක් හා විහාරාධිපති උඩුගම පියදස්සී හාමුදුරුවෝ පමණක් ඉගැන්වීම් කටයුතු කරමින් ආරම්භ කල දහම් පාසලේ අද වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන්‍ 170 ක් පමණ අධ්‍යාපනය ලබති.

ශ්‍රි මහින්දාරාම දහම් පාසල නමින් හඳුන්වන එම දහම් පාසල පවත්වගෙන යාම සදහා ගොඩනැගිලි පහසුකම්  නොමැත. ඒ බැවින් දරුවන් ට පංති පවත්වන්නේ එළිමහනේ වැළි මළුව ප්‍රදේශයේ ය .ප්‍රමාණවත් තරම් ඩෙස් බංකු වත් නොමැති නිසාම මෙහි දරුවන් වැළි පොලවේ පැදුරු එලා ගෙන හා බෝධි ප්‍රාකාරයේ සිමෙන්ති පඩිය මත වාඩි වී  හිරු රශ්මියට නිරාවරණය වෙමින් හා සාමාන්‍ය පින්න පවතින අවස්ථාව දී පවා අකුරු කරනු ලැබේ .

වර්ෂාව අධිකව පවතින මෙම ප්‍රදේශයේ හිටි හැටියේ වර්ෂාවක් ඇද වැටුන හොත් සියල්ල අකුල ගෙන එක පොදියට රැඳෙන්නේ ආවසගෙය ඉදිරිපිටයි .වසරේ වැඩි කාලයක් අධික වැසි ලැබෙන ප්‍රදේශයක් බැවින් එවන් දිනවල දී දහම් පාසල පැවැත්ම ට නොහැකිවේ .

ප්‍රදේශයේ සිංහල බෞද්ධ ළමයි මෙන්ම හින්දු ආගම අදහන දමිළ ළමයි 15 ක් පමණත් මුස්ලිම් ළමයි 06 කු ද බෞද්ධ අධ්‍යාපනය ලබන දහම් පාසල සාර්ථකව පවත්වා ගෙන යාම සදහා පවතින ප්‍රධානතම ගැට‍ළුව ගොඩනැගිලි පහසුකම් නොමැති නිසා බව

නාගසේන ශ්‍රී මහින්දාරාමාධිපති උඩුගම පියදස්සී හාමුදුරුවෝ පෙන්වා දෙති.

ධර්ම ශාලාවක් ,ආවාස ගෙයක් වත් නිසි ලෙස නොමැතිව තිබිය දී පවා දරු දැරියන් නිසි මග යැවිමේ සත්කාර්ය සදහා ම පවත්වා ගෙන යන ලබන මෙම

දහම් පාසලේ   ගුරු මණ්ඩලය  ඉහත ගැට‍ළුව පෙන්වා දෙමින් පවසන්නේ බහුතරයක් අන්‍යාගමිකයින් සිටින ප්‍රදේශයක ඒ හැමෝම සමග ඉතා සහයෝගයෙන් ජිවත් වන ප්‍රදේශයේ සියළු දරුවන්ගේ යහපත උදෙසා දහම් පාසලට ශාලාවක් අත්‍යාවශ්‍ය කාරණාවක් වී ඇති බවය.

ඉහත තත්ත්වය හමුවේ දුෂ්කරතා විඳින දරුවන් ද පවසන්නේ සිය දහම් අධ්‍යාපන කටයුතු පහසුකම් සහිතව පවත්වා ගෙන යාම සදහා කිසියම් දානපතියෙක් වෙත්නම් ගොඩනැගිල්ලක්‍ ඉදි කර දීමට පියවර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed