EPF සහ ETF කොල්ලකෑමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ හඬ නගති.- මෙලනි මානෙල් පෙරේරා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මත පදනම්ව, ‘EPF සහ ETF කොල්ලකෑමේ’ ආන්ඩුව දැරූ උත්සාහයට එරෙහිව ශ්‍රී ලාංකිකයන් පසුගිය දිනවල විරෝධතා කිහිපයක්ම පැවැත්වූහ. ඊයේ කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. වෘත්තීය සමිති නායකයෙක් EPF/ETF අරමුදල්වල ආදායම මත 30% ක බද්දකට එරෙහිව SC වෙත පෙත්සමක් ඉදිරිපත් කරයි.
සේවක අර්ථසාධක අරමුදල (EPF) හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ජනතාව මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව වහා පියවර ගන්නා ලෙස බලකරමින් අයිතීන් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, දේශපාලන ව්‍යාපාර සහ අදාළ පුද්ගලයන් ඊයේ (28) දහවල් කොළඹ කොටුවේදී විරෝධතාවක් සංවිධානය කළහ. ) සහ සේවක භාර අරමුදල (ETF). එය ශ්‍රමය වැගිරු සේවකයින් සතුවන එකම ධනයයි.
“EPF/ETF මංකොල්ලය නවතනු! ණය ගෙවන්න මිනිස්සු මරන්න එපා!” බැනරය යටතේ , පොලිසියේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී මෙම විරෝධතාව පැවැත්වීය. විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) විශාල පිරිසක් යොදවා තිබිණි.
‘එදා 2014 දී මහින්ද රාජපක්ෂගේ කාලේ EPF එක කොල්ල කන්න හදනකොට ජනතාව පාරට බස්සන්න අපිව උසිගන්නපු රනිල් වික්‍රමසිංහ අද EPF එක කොල්ල කන්න හදනවා. නමුත් , මේ නීති විරෝධී ක්‍රියාව වහාම නවත්වන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.” යනුවෙන් විරෝධතාවට එක වූ ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ය.
“රනිල් රාජපක්ෂගේ පාන්ඩු ආණ්ඩුවට අපි කියනවා වහාම මේ යෝජනාව අකුලාගනින් කියලා. කම්කරුවෝ එක්ක සෙල්ලම් කරන්න සූදානමි වෙන්න එපා. දුප්පත් කම්කරුවෝ දුක්මහන්සි වෙලා රැකියාව කරලා ඉතිරිකර ගත්ත සල්ලි, කම්කරුවන්ගේ ජීවිතයේ ඉදිරිය වෙනුවෙන් තියෙන එකම අරමුදල, ආණ්ඩුවෙි ආතල්වලට බිළිදෙන්න ලෑස්ති නැහැ.” යනුවෙන් ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා අශිලා දන්දෙණිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.