“ලංකාව විනාශවී ඇත්තේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලවල්වලට අපි ඉඩ දුන්න නිසයි” – කාදිනල් මැල්කම් රංජිත් –

“පාස්කු ප්‍රහාරය සම්බන්ධ‍‍ය‍ෙන් ‍කිසිම සාධාරණයක්, නිසියාකාර පරීක්‍ෂණයක් මෙරට දූෂිත පාලකයින්  සිදුකළේ නැති බවත්, සෑම පරීක්‍ෂණයක් ම යටගගසා, පාලකයින්ට අවශ්‍ය මත ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවන් සගවන්නට දේශපාලන නායකයින් තවමත් උත්සාහා කරමින් සිටින බවත්, වර්ථමානයේදී රට තුළ පවතින සියලුම කඩාවැටීම්, විනාශකාරී තත්ත්වයන් සිදුවී ඇත්තේ පාලකයින්ගේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම සඳහා අප විසින් ඉඩදුන්න නිසයි.” යැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කළේය.


කාදිනල් රංජිත් 
හිමි මේ බව ප්‍රකාශ කළේ, ඊයේ – 27 ඉරුදින දහවල්, තේවත්ත ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදි පැවති රෝගීන් ආසිරිගැන්වීමේ වාර්ෂීක දේව මෙහෙයේ දේශනය අවස්ථාවෙිදීය.
” සමි‍දුන් සුව ලැබ මරි මව් සමඟින් පිරිපුන් දිවිය කරා.” යන්න ‍ම‍ෙවර ලෙඩුන් ආශීර්වාද කිරීමේ , සුව කිරීමේ සහ යාඥා මෙහෙයේ තේමාව විය.

ඊයේ දහවල් (1.30 සිට) පැවැති විශේෂිත රෝගීන් ආසිරිගැන්වීමේ මෙහෙය කොළඹ අගරදගුරුතුමා ගේ ප්‍රධානත්වයෙන් යුතුව ක‍ොළඹ පදවි සහයක රදගුරුතුමන්ලා සහ පුූජාප්‍රසාදිවරුන්ගේ සහභාගිත්වයෙන් තේවත්ත ජාතික බැසිලිකා භූමියේදි පැවැත්විණි.

“අපිට මෙි ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා දෙවියන්වහන්සේට කන්නලව් කරනවා. දේව අම්මාට කන්නලව් කරනවා. අපේ සහෝදර ජනතාව 273දෙනෙකුගේ ජීවිත විනාශ කරලා , තවත් ජීවිත 500 ගණනකගේ ජීවිත අසරණ තත්ත්වයට පත්කරලා සිදුකළ ඒ බිහිසුණු අපරාධය සිදුකළේ කවුද යන්න වැඩිකල් නොගොස් අපිට එළිදරව් කරන්න කියලා අපි දේව අම්මාට  යාච්ඤා කරමු.” යැයි කාදිනල් රංජිත් හිමි සැදැහැවත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
එම‍ෙන්ම , “අපේ රටතුළ ජීවත්වෙන සියලුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවන ආකාරයෙන් සාධාරණ , ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන , මනුෂ්‍යත්වය අගය කරන සමාජ ක්‍රමයක් බිහිකරන්නට අපි කටයුතු කරමු.” යනු‍ව‍ෙන් ද අගරදගුරු හිමි සැදැහැවතුන්ට ප්‍රකාශ කළේය.

“එවැනි ක්‍රමයක් බිහිකරන්නට දායක වීම අපගේ වගකීමක් ලෙස මේ අවස්ථාවෙිදී මම ප්‍රකාශ කරනවා. මෙවැනි කාලපරිච්ඡේදයක දී රට වෙනුවෙන් එසේ දායක වීම සියලුම කිතුනු ජනතාවගේ වගකීමක් වනවා. එනම් මේ පවතින ක්‍රමවෙිදය වෙනස් කරන්නට කැපවීම.” යැයි කාදිනල් හිමි අවධාරණය ක‍‍ළ‍ේය.

 
වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නොයෙක් ආකාරයේ විෂමාතාවන් , දුක් වෙිදනාවන් , කඩාවැටීම් යනාදි  විනාශකාරි තත්ත්වයන් ඇතිවීමට හේතුව වී ඇත්තේ පාලකයින්ගේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලවල්වලට මේ රට තුළ අපි ඉඩ දුන්න නිසා යැයි කාදිනල් හිමි පැවසීය.
 
“අපගේ ජීවිත ගමනේදී අපිට ලැබෙන නොයෙකුත් අභියෝග, දුක, වෙිදනා සියලු ප්‍රශ්න නැතිකරගන්නට අපිට දෙවියන්වහන්සේ පැවසූ පරිදී උන්වහන්සේ තුළ විශ්වාසයෙන් යුතුව  යාච්ඤා කරමු. ඒ වගේම අපේ සමාජය තුළ පවතින මේ දුර්වල තත්ත්වය වෙනස් කරන්නට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා කැපවිය යුතුයි.” ඒ සඳහා විශේෂයෙන් ස්වාමින්වහන්සේට අපි  යාච්ඤා   කළ යුතු යැයි කාදිනල් හිමි පැමිණි සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
වාර්ෂීකව පවත්වනු ලබන රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය සඳහා දිවයිනේ සියලුම පළාත්වලින් කතෝලික සැදැහැවතුන් පමණක් නොව බෞද්ධ මුස්ලිම් සහ හින්දු බැතිමතුන් ද සහභාගි වන අතර, ඊයේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා 24වනදා සිට ම දුර පළාත්වල සිට සැදැහැවතුන් පැමිණ නවාතැන් ‍ග‍ෙන සිටී බව සිද්ධස්ථාන‍ය‍ේ පරිපාලක පියතුමා පැවසීය.
 
වාර්ෂිකව රෝගීන් සඳහා සුවපත් කිරීමේ සහ  යාච්ඤා  මෙහෙය ආරම්භවූයේ 23 වැනි බදාදා සිට සවස 6.30 පවත්වුණු ලැබූ තෙදින නුවානය සහ දිව්‍ය පූජාවෙනි. පසුව, 26 ‍ව‍ෙිනි දා සවස 7.00 ට ‍ක‍ොළඹ සහයක රදගුරු ජ‍ේ.ඩී. ඇන්තනි ජයකොඩි හිමිපාණන්‍ විසින් සැදෑ ම‍ෙ‍හ‍ෙය පවත්වණු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed