දඹාන අදි වාසීන්ගේ මීපැණි පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී – නදීක දයා බණ්ඩාර –

දඹාන ආදීවාසීන් විසින් ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව අද (26) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී මෙම මී පැණි පූජාව සිදුකෙරේ.

ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ වෙත පූජා කරති. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුලු ඇතුලු හැට පහක පමණ ආදිවාසීන් පිරිසක් මෙම පූජාව සඳහා සහභාගීවිය.

ඇසළ පෙරහැර මංගල්‍ය යනු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරන උතුම් පූජා මංගල්‍යයක් වන බැවින් පරිසරය ආරක්ෂා කර ගමිනින් එම පූජා සත්තාරය කිරීම වඩා සුදුසු යැයි ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය. කුමන අභීයෝග පැවැතියත් මෙම පූජාව අඛණ්ඩව සිදුකරන බවත් පරම්පරා ගණනාවක් තිස්සේ මෙම පූජාව පැවැති බව ද ආදිවාසී නායකවරයා කීවේය.

මී පැණි පූජාවෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසී ප්‍රජාව සඳහා ත්‍යාග පිරිනැමීමක් ද සිදුකළේය.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජීව ප්‍රසාද් වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed