සේවක අර්ථසාධක අරමුදල මෙරට ඇති විශාලම අරමුදල බවත් කම්කරුවන් හට සමාජ සංරක්‍ෂණයක් ඇත්නම් එය අර්ථසාධක අරමුදල පමණක් බවත් මේ පවතින ආණ්ඩුව කම්කරුවන්ගේ එකී අර්ථසාධකය මංකොල්ලකෑමට සූදානමිවීමට එරෙහිව හැකි සෑම බලවේගයක් ම ක්‍රියාත්මක කරන බවත් කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී ඊයේ හවස පැවති මහජන උද්ඝෝෂණයක් අවස්ථාවෙිදි “ඩා බිඳු සාමුහීක”යේ සම්භන්ධීකාරිකා මාධ්‍යට ප්‍රකාශ කළේය.මෙරට කම්කරුවන් රට තුළ සංක්‍රමණය වෙමින් තම ශ්‍රමය ලබාදුන්නත් ඔවුනට කිසිම ආකාරයක සමාජ සංරක්‍ෂණයක්, රැකියාවේ සුරක්‍ෂිතභාවයක් හෝ

සේවයට නිසි ගරුත්වයක් නොලැබෙන බව, චමිලා තුෂාරි කීවේය.
“කම්කරුවන්ගේ තත්ත්වයන් පිළිබඳව කිසිම ආකාරයක සමාජ සංවාධයක්වත් නැති අවස්ථාවක දී මෙි රජය විසින් ලෝකයේ බලවතුන්ගෙන් ලබාගත් විශාල ණය පියවීමට මේරටේ ජීවත්වන දුප්පත්ම සේවකයින් වන කම්කරු පන්තියේ අර්ථසාධකය මංකොල්ලාකෑමට සූදානමි වීම අපි දැඩි ලෙස හෙළා දකිනවා.” යැයි චමිලා තුෂාරි ප්‍රකාශ කළේය.
පවතින ආර්ථීක පීඩනය තුළ තුන්වේල කුස පුරවා ගන්නට නොහැකිව දුක්විඳින මිනිසුන්ට සහන සපයනවා වෙනුවට කම්කරුවන්ගේ අර්ථසාධකය මංකොල්ලකෑම ඉතාම ලැජ්ජා සහගත යැයි ඇය කීවේය.
ජනවරමක් නැති ජනාධිපති කෙනෙකු විසින් ඔවුන්ගේ කැමැත්ත මත ගනුලැබූ විශාල ණය ගෙවීමට කම්කරු ජනතාවගේ ජීවිත බිල්ලට ගැනීමට ඉඩ දිය නොහැකි යැයි ද අගෝස්තු 28 වෙනිදා පවත්වනු ලබන අර්ථසාධක මංකොල්ලයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණය ශක්තිමත් කරන්නට පැමිණෙන ලෙසට සමාජයේ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.