ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරිණි. නදීක දයා බණ්ඩාර
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (24) රාත්‍රී සිදුවේ. පස්වරු හය පසුවී මිනිත්තු පනස්හතට යෙදෙන සුබ මොහොතින් පිටත්වන දළදා
පෙරහැර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන්
ඉහළට ගෙවැදීමට නියමිතය.
ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ඉන්දිරාජා ඇතු
විසිනි. කණ්ඩුල හා මියන්රාජා ඇතු එහි දෑල ඇතුන් වශයෙන් ගමන් ගත්තෝය. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින්
ගමන් ගත් දළදා පෙරහැරේ ඊයේ ගමන් ගත්තේ ශ්‍රී විෂ්ණූ දේවාලයේ බස්නායන නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතායි.
පෙරහැර ගමන් ගන්නා වීදියේ රැදී සිටිමින් කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල ජනකායක් ඊයේ දිනයේත් සහභාගීව සිටියෝය.