කප් සිටුවීම සඳහා කප බෙදාදීමේ චාරිත්‍රය මහනුවර විෂ්ණු දේවාලයේදී…. නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ  කප් සිටුවීමේ චාරිත්‍රය සඳහා කප බෙදා දීමේ චාරිත්‍රය  මහනුවර විෂ්ණු දේවාලයේ පරිශ්‍රෙය්  පිහිටි දැඩිමුණ්ඩ දේවාලයේ දී  අද (16) පස්වරුවේ සිදුවිය.

මාවනැල්ල, ඓතිහාසික අලුත් නුවර දේවාලයේ සිට මහනුවර කරා ගෙන එන ලද කප  මහ පෙරහැරින් දැඩිමුණ්ඩ දේවාලයට ගෙන ගොස් එහි තැන්පත් කිරීම සිදු විය.

පුද චාරිත්‍ර පැවැත්වීමෙන් අනතුරුව එම කප විෂ්ණු, නාථ, පත්තිනි සහ කතරගම යන සිව්මහා දේවාල වෙනුවෙන්  බෙදා වෙන් කිරීම එහිදී සිදුවිය. එලෙස වෙන් කරන ලද කප සිව් මහා දේවාල වෙත බාරදුන් අතර අනතුරුව අලි ඇතුන් සහිත පෙරහැරින්  දේවාල කරා කප  වැඩම කොට එම දේවාලයේ තැන්පත් කිරීම අද පස්වරුවේ සිදුවිය.

එලෙස තැන්පත් කරන ලද කප යොදා හෙට අලුයම 06.12ට යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය සිදුවීමට නියමිතය.

විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed