සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය තීරණයක් ගෙන නැහැ , නදීක දයා බණ්ඩාර

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සහල් අතිර්ක්තයක් අපේක්ෂා කළ ද පවතින වියළි කාලගුණය ඊට බාධා වී ඇති නමුත් විශාල වශයෙන් සහල් අස්වනු අඩුවීමක් සිදුනොවන බව ඒ මහතා කීවේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කුණ්ඩසාලේ කෘෂීකර්ම විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් අද එම විද්‍යාලයේ පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
උඩවලව ජලාශයේ ජලය විශාල ලෙස අඩුවීමත් සමඟ කුඹුරු රැසක් අවදානම් තත්ත්වයට පත්ව ඇති නමුත් ගොවියන්ගේ කුඹුරු සඳහා හැකි උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බවත් වන්දි ගෙවීම නොව ජලය සැපයීම ප්‍රධාන අරමුණ යැයි අමාත්‍යවරයා කීවේය.
සහල් හිඟයක් මතුවී සහල් ආනයනය කිරීමට සිදුවන්නේ නම් එහිදී ගොයමට සිදුවන හානිය හා ගොවියන් සතු අස්වනු ප්‍රමාණය සැලකිල්ලට ගන්නා බව ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඉන්දියාව මේ වන විට සිය ධාන්‍ය අපනයනය කිරීම අත්හිටුවා ඇති බවත් පකිස්ථානය සිය සහල් අපනයන තහනම් කිරීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එවැනි තත්ත්වයක් යටතේ වෙනත් රටකින් සහල් මිලදී ගැනිමට සිදුවන්නේ නම් අධීක මුදලක් ගෙවා මෙරටට සහල් ගෙන්වා ගැනීමට සිදුවන බව කී ඒ මහතා හැකි උපරිම අයුරින් මෙරට ගොවියන්ගේ සහල් රැක ගැනීමට උත්සහ කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.