පුද්ගලයෙකු සතිපතා ක්‍රෙඩිට් කාඩ්පතක ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය පරිභෝජනය කරයි: පෝෂණවෙිදි දෑලබණ්ඩාර

“මිනිසකු සතියකට ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් පහක් පරිභෝජනය කරන බව ගෝලීය දත්ත අනාවරණය කරයි”, පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ද දැඩි අවධානයෙන් පසුවන අතර අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කෙරේ.
මාධ්‍ය අමතමින් පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපගේ ආහාර, පානීය ජලය සහ අප ආශ්වාස කරන වාතය සමඟ මිශ්‍ර වන බවයි.
“පුද්ගලයෙකු සතියකට ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් පහක් පරිභෝජනය කරන බව පර්යේෂණ ප්‍රතිඵලවලින් හෙළි විය. ඒ අනුව මසකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 20 ක් සහ වසරකට ග්‍රෑම් 250 ක් පරිභෝජනය කරන බව” පෝෂණවේදියා පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලේකම් වෛද්‍ය සජිත් එදිරිසිංහ කියා සිටියේ අපගේ සිරුරට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු වීමට ප්‍රධාන හේතුව නයිලෝන් රෙදි සහ නයිලෝන් මාළු දැල් බව අධ්‍යයන කිහිපයකින් පෙන්වා දී ඇති බවයි.
බොහෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අප ආශ්වාස කරන වාතය හරහා අපගේ ශරීරයට ඇතුළු වන අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් වැඩිපුර පරිභෝජනය කිරීමෙන් පසු ප්‍රතිඵලය පිළිකාවක් විය හැකි බව ඔහු පැවසීය.
එම නිසා ප්ලාස්ටික් ද්‍රව්‍ය විනාශ නොකර ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මධ්‍යස්ථාන වෙත භාර දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවද ප්ලාස්ටික් ද්‍රව්‍ය විශාල වශයෙන් විෂ රසායනික ද්‍රව්‍ය සහ වායූන් නිකුත් කරන බැවින් ඒවා පිළිස්සීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. යැයි වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා පැවසීය.
අවසානය.