ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩයන්ගේ ප්‍රථම ආගමනය සිහිපත් කරමින් කිලෝමීටර් 252 පාගමන ඇරඹේ — මෙලනි මානෙල් පෙරේරා

වසර 200කට පෙර ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව සිහිපත් කිරීම සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා කිලෝමීටර් 252ක පා ගමනක් අද පෙරවරුවේ ආරම්භ විය. මෙම පාගමන තුළින්, ලංකාවේ වතුවල වැඩ කිරීම සඳහා ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා පළමු සංක්‍රමණිකයින් තලේමන්නාරමේ සිට කැලෑ මැදින් කෝපි වගා බිම් කරා ගෙනගිය දුෂ්කර ගමන ආවර්ජනා කිරීමත් , සහයෝගීතාව දැක්වීමත් ඒ තුළින් වත්මන් වතුකර ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුද පිළිබඳව සමාජය අවදි කරවීමත් අපේක්‍ෂා කරයි.
“සිය මූලයන් සොයා අයිතීන් දිනාගැනීම” යන තේමාව මුල්කර ගනිමින් කඳුකර ජනතාවගේ ජීවිතය සහ අයිතීන් වෙනුවෙන් තලෙයිමන්නාරමෙ සිට මාතලේ දක්වා පාගමන තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානය අසළින් අද උදැසන – 29 ජූලී, ආරම්භ විය.
කිලෝමීටර 252ක දුරක් ගෙවා යන දීර්ඝ පාගමනේ පළමු දිනය පේසාලේ ජයග්‍රහණයේ අප ස්වාමිදුවගේ දේවස්ථානයෙන් නිමා කළ බවත් අද පස්වරුවේදී පේසාලේ මුරුගන් කෝවිලේ දී ආගමීක මෙහෙයක් හා සාකච්ඡාවක් පැවැත්වීමත් සිදුකරනු ලැබු බවත් මාන්බුම්ගු මලයහම් කමිටුවේ සාමාජීක ඇන්තනි ජේසුදාසන් පැවසීය.
කිතුණු , බොදුණු, මුස්ලිම් සහ හින්දු ආගමීක නායකයින් , සිවිල් සංවිධාන නියෝජිතයින් , තරුණ තරුණියන් ඇතුලු විශාල කණ්ඩායමක් කඳුකර ජනතාවගේ ජීවිත අයිතින් වෙනුවෙන් මාතලේ දක්වා ගමන් කරන්නට සංවිධානය කළ දින 15ක මෙම ගමනට සහභාගී වන බව සංවිධායකයෝ පැවසූහ.


2023 වර්ෂය, ඉන්දියාවේ සිට දෙමළ ජාතිකයන් වතුකරයේ වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන වසර 200ක් සපිරුණු වර්ෂය ලෙස සැලකෙ. එතැන් පටන් සමාජයේ සෑම මට්ටමකදීම, විශේෂයෙන්ම ආර්ථිකය තුළ එම ප්‍රජාව රටට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ජීවිත පැවැත්ම අඛණ්ඩ අරගලයක් යැයි සංවිධායකයෝ ප්‍රකාශ කරති.
‘මංබුමිඟු මලයහ මක්කල් – මලයහ මිනිස්සු ගෞරවාන්විතව’ යන බැනරය යටතේ සහ මලයාහම්200 යන තේමාවට සමගාමීව, පා ගමනට එක්වන සහභාගිවන්නන් හවුල් ඉතිහාසය, අරගල, අනෙකුත් ප්‍රජාවන් සමඟ ආවර්ජනය, සම්බන්ධතාවය සහ සංවාදය පෝෂණය කිරීමට උත්සාහ කිරීම යනාදිය මෙම පාගමනේ අභිලාෂයන්ය.
ඊයේ තලෙයිමන්නාරමේ ශාන්ත ලෝරන්ස් දේවස්ථානයේදී පාගමනේ සමාරම්භක උත්සවය ආරම්භ කරමින් මුල් සංක්‍රමණික ජනතාව සිහිපත් කර මල් පහන් පිදීමත් ආගමික මෙහෙයක් පැවැත්වීමත් , අර්ථවත් නැටුම් ගැයුම් ප්‍රදර්ශනය කිරීමත් , විද්වත් අදහස් බෙදාගැනීමත් සිදුකළ බව ද සංවිධායකයෝ කීහ.
ඊට අමතරව මලයහම් ජනතාව රටේ ආර්ථීකයට ලබාදෙන දායකත්වය අගයකොට ඒ අකාරයෙන් පිළිගන්නා ලෙසටත් , ඔවුන් ජාතික ජනකොටසක් සේ පිළිගන්නා ලෙසටත් , ඉඩම් අයිතිය ඇතුලු පොදු අයිතිවාසිකම් ලබාදෙන ලෙසටත්, පරිපාලනයට දායකකර ගන්නා ලෙසටත් වන ඉල්ලීම් ඉදිරිපත් කළ බව ද සංවිධායකයින් පැවසීය.
මේ සම්පූර්ණ උත්සවය සංවිධානය කළේ මාන්බුම්ගු මලයහම් මලයහම් සාමූහිකය විසිනි. මෙම සාමූහිකය ජාතික ක්‍රිස්තියානි කවුන්සිලය සහ සිවිල් සමාජ සංවිධාන සහ මලයහ ප්‍රජාව සමඟ කටයුතු කරන පුද්ගලයින්ගෙන් සමන්විත වේ.