ATM මුදල් වංචාව -චන්දන ජයවීර – හැටන්

වෙනත් අයෙකුගේ ඒ්.ටී.ඒම්. කාඩි පතක් පාවිච්චිකර මස්කෙළිය නඟරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ්.ටී.ඒම් . යන්ත්‍රයෙන් මුදල් රුපියල් 10,000/- ක් සොරාගැනීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි අයෙකි.
මස්කෙළිය, ලකඹේ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වතු කම්කරු කාන්තාවක් විසින් තමන් මුදල් ලබා ගැනීමට නොදන්නා බව පවසා ඇයගේ ඒ.ටී.ඒම්.කාඩ්පත මගින් මුදල් රුපියල් 110,000/- (ඒක්ලක්ෂ දහදාහක්) රැගෙන දෙන ලෙස ඉල්ලා මෙම සැකකරුට ඒ්.ටී.ඒම්. කාඩ්පත ලබාදුන් බවත්, සැකකරු මුලින් රුපියල් 10,000/ ක් රැගෙන නැවත රුපියල් ඒක්ලක්ෂ දහදාහක් කාඩ්පත යොදා ලබාගෙන ඇති බවත්, තමන් මුදල් ගණන් කරන අතරතුරදී කාඩ්පතද රැගෙන පලා ගිය බවටත් මෙම කාන්තාව පොලීසියට පවසා ඇත. සුළු වේලාවකදී නඟරවාසීන් පලා යමින් සිටි සැකකරු මුදල් රුපියල් 10,000/-ක්ද සමග අල්ලාගෙන පොලීසියට භාර දී තිබේ.
මීට ප්‍රථමද මෙම රාජ්‍ය බැංකුව වසා දමා තිබූ දිනවලදී ඒ්.ටී.ඒම්. යන්ත්‍රයෙන් කාඩ් පත් භාවිතා කර මුදල් සොරාගැනීමේ සිද්ධීන් කීපයක් වාර්තාවී ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව මස්කෙළිය පොලීස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා පැවසීය.