2011 – 2048 ජාතික භෞතික සැලැස්ම, ශ්‍රී ලංකාවෙි මහා පරිමාන පරිසර විනාශයක් සිදුකරයි — ‍ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

 
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින මහාපරිමාණ පරිසරය විනාශ කිරීම සහ ඉඩම් මංකොල්ලයන් රජය විසින් සකස් කර ඇත 2011 – 2048 ජාතික පරිසර පද්ධතියට අනුව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකරණ , පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

“රජය මේ බව සඟවාගෙන තැනින් තැන පරිසර විනාශයන් ඔප් නංවමින් මහ සැලැස්ම සඟවමින් සිටිනවා.” පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කී‍ව‍ේය.

“ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ මේ වන විට දිනකට වනාන්තර අක්කර 67 ක් පමණ විනාශ ව‍ෙනවා. මේ හරහා ඉදිරියේදි ලංකාවේ ජලය පෞද්ගලීකරණය, ලංකාවේ ඉඩම් මංකොල්ලය ඇතුළු කාරණා සිදුවීමට නියමිතයි.”  යනු‍ව‍ෙන් අාචාර්ය  රවීන්ද්‍ර  පැහැඳිළි කළේය.

ක‍ොළඹ, ‍බ‍ොරැල්‍ල‍ේ පිහිටි එන්. එම්. පෙරේරා ආයතනයේ දී, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව අනාවරණය කළ අතර, එහිදී අදහස් දැක්වූ පරිසරවේදී කාරියමඩිත්තේ ඥාණාරාම හිමි ද ජාතික ‍භෞතික සැලැස්ම පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.

”ජාතික භෞතික සැලැස්මට අනුව අධිවේගී මාර්ග ජාලයක් ලංකාව පුරා ඉදිවනවා. මෙම අධිවේගී මාර්ග ජාලය ආසියානු අධිවේගී මාර්ග ජාලයට එක් කිරීමට නියමිතයි.  අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය වීමත් එක්ක ලංකාවේ වනාන්තර සියල්ලම මෙම අධිවේගී මාර්ග ජාලයට ආවරණය වීම සිදු වෙනවා.”

ඒ වගේම ඔවුන් කියා සිටි‍ය‍ේ ජාතික භෞතික සැලැස්ම හරහා ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 39 ක් ආවරණය වීම සිදු වන අතර ඒ හරහා ලංකාවේ වනාන්තර ප්‍රතිශතය ද අඩු වෙන බවත් , මේ නිසා, දේශගුණික විපර්යාස පවා සිදුවීමට හැකියාව ඇති බවයි.


කැළණි , කළු,  බෙන්තර, නිල්වලා යන ගංගා නිම්න හරහා මෙම අධිවේගී මාර්ග නිර්මාණය වීම හේතුවෙන්, මේ හේතුවෙන් ඒ අවට වාසය කරන ජනතාවට ගං වතුර, ජලගැලීම් වලට මුහුණ දීමට සිදුවී ඇති අතර ගොවීන්ට වගා බිම් අතහැර දැමීමට සිදුවී තිබෙනවා යැයි ද ඔව්හු    ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed