සංචාරක ආකර්ෂනීය කලාපයක් බවට වික්ටෝරියා ජලාශය පත් කිරීමට රජයෙන් නව සැලැස්මක් නදීක දයා බණ්ඩාර – මහනුවර

වික්ටෝරියා ජලාශය සහ ඒ අවට ප්‍රදේශය සංචාරක ආකර්ශනීය කලාපයක් බවට පත් කිරීමට රජය සැලසුම් කොට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම සැලැස්ම ක්‍රියාත්මක වන අතර වික්ටෝරියා ජලාශය කේන්ද්‍ර කොට කෞතුකාගාරයක් ඉදිකිරීම මූලික වශයෙන් සිදුවේ. එමෙන්ම පරිසර සුන්දරත්වය අත් විදිමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා ආහාර ලබාගත හැකි අංග සම්පූර්ණ භෝජනාගාරයක් ඉදිකිරිම ද මෙම සැලැස්මට අන්තර්ගතය.
මධයම කඳුකරයේ දෙනිගල හා බෝලගල යන කදු යා කරමින් ඉදිකොට ඇති මෙම ජලාශය මධ්‍යම කදුකරයේ විශාලතම ජලාශය වන අතර එය කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයකින් යුක්තය.
ජල විදුලි බල උත්පාදනය, කෘෂිකර්මය සඳහා ජලවර නිකුත් කිරීම, පානීය ජල අවශ්‍යතාවට සරිලන ජල සම්පාදනය, මිරිදිය ධීවර කර්මාන්තය ඇතුලු අරමුණු රැසක් වෙනුවෙන් ස්ථාපිත මෙම ජලාශය කේන්ද්‍ර කොට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිවරයා යෝජනා කොට තිබේ.
ඒ අනුව එහි ස්ථානීය පරික්ෂණයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් ඉකුත්දා සිදුකරන ලදි. එහිදී ඉදිකිරීම් සඳහා උචිත ස්ථාන ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, වික්ටෝරියා කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.