රේ ජයවර්ධන: ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානී ධුරයට පත්වූ ශ්‍රී ලාංකිකයා

ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ඇමෙරිකාවේ පිහිටි ජෝන්ස් හොප්කින්ස් නැමැති විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කර තිබේ.

QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 28 වන ස්ථානයේ පසුවන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානී ධුරයට එලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු, සම්මානනීය ලේඛකයෙකු මෙන් ම අධ්‍යාපනඥයෙකු ද වන ආචාර්ය රේ ජයවර්ධන ය.

ඔහු මේ වන විට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරන බව බීබීසී පුවතක් වාර්ථා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed