අතුරුදහන් වූ ආයුධ සහ ලාංඡන සොයා ගැනීමට මහජන සහාය පතයි – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති ඕනෑම ආයුධ කබායක් ආපසු ලබා දෙන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉල්ලීමක් කරයි.
මෙම ද්‍රව්‍ය ජුලි 31 වැනිදා වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීම සිදුකළ යුතු බවත්, එ සඳහා මහජන සහය පතන බවත් ජනාධීපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක් සඳහන් කරයි.
නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් නියමිත කාලසීමාව ඉක්මවා මෙම නිල ලාංඡන ළඟ තබා ගැනීම නීතිමය ප්‍රතිවිපාකවලට තුඩු දෙන බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.
2022 ජූලි 9 සිට ජූලි 14 දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේදී, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් හා සම්බන්ධ කබා ඇතුළු විවිධ වටිනා කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක භාණ්ඩ අතුරුදහන් වුයේ යැයි එම නිවේදනය සඳහන් කරයි.
මෙම අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් දන්නේ නම් 0112354354 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා, ජාතික වැදගත්කමකින් යුත් මෙම ලාංඡන සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අතිශයින් වැදගත් වන අතර ඔවුන්ගේ සහය ඉතා අගය කොට සලකන බවද සඳහන් කරයි.