රටේ ගුරු හිගය 26000 ක් විදුහල්පතිවරුත් අඩුයී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත .-චන්දන ජයවීර – හැටන් 

 

 

මෙරට ගුරු හිඟය 26000 ක් පමණ වන බවත් එලෙස ම විදුහල්පතිවරු ද අඩුවක් පවතින බවත් දැනට තිබෙන නඩු කටයුතු අවසන් කර ගැනීමෙන් පසු ගුරුවරු බදවා ගැනීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව ඔවුන් ව ඉතාම ඉක්මනින් පුහුණු කර පාසල් වලට ලබා දෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයී.

ඇමතිවරයා එසේ පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සදහා යෝජිත භූමිය පරික්ෂා කිරිම සදහා හැටන් – කොමර්ෂල් ප්‍රදේශයේ නිරික්ෂන චාරිකාවක නිරත වු අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ය .

හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කලාප වල බලධාරීන් විසින් අනුප්‍රාප්තිකයන් ද නොමැතිව සිදුකර තිබෙන ස්ථාන මාරු නිසා පාසල්වල විශාල ගුරු හිඟයක් පැවතීම හා එයින් අසරණ වන දරුවන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න විමසු විටය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද පැවසීය .

ලඟදීම පලාත් මට්ටමෙන් සාකච්ඡා තියනවා .ලබන සතියේ එය වයඹ පලාතෙන් පටන් ගන්නා බවත් ඊට පසුව ඌව ආදි වශයෙන් පූර්ණ දිනයක වැඩ සටහනක් සම්පාදනය කරනවා පලාත් සභාවත් එක්ක .තියෙන පාසල් වලින් 95% පලාත් සභාවට අයත් පාසල්  .

ගුරු මාරු කිරිම් සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග ද සාකච්ඡා කර මාරු වීම් එම ප්‍රදේශවලට පලාත් වලට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමේ වැඩ පිළිවෙළකට යනවා .

ජාතික පාසල් දහස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කලා ,ඒ පාසල් දහසෙන් 23 ක් ජාතික පාසල් බවට බත් කරලා තියෙනවා .ඒවා එහෙම්මම තියෙන්න හැරලා අනෙක් පාසල් වෙනුවෙන් ඉදිරියේ දී වැඩපිළිවෙළක් සකස් කරන තුරු දැනට පලාත් සභා තුලින් ම ප්‍රතිපාදන වෙන් කිරිමටත් පාලනය කිරිමටත් කටයුතු කරලා තියෙනවා

මෙරට සෑම පලාතකම විශ්වවිද්‍යාල තිබිය දී නුවරඑළිය දිස්ත්‍රිකය ට පමණක් විශ්වවිද්‍යාලයක් නොමැති වීමේ අඩුව පිරවීම හා එමගින් ප්‍රදේශයේ සුදුසුකම් ලබන දරු දැරියන්ට දුර පලාත් වලට නොගොස් අධ්‍යාපනය ලැබීමේ හැකියාව ලැබෙනු ඇත .

එම නිසා කොටගල ප්‍රදේශයේ පිහිටි රජයේ ගුරු විදුහල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශ ද යොදා ගනිමින් ඉතා සෞන්දර්ය හෙබි ප්‍රදේශයක විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වනු ඇති .ඒ සදහා ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා ප්‍රතිපාදන ද සොයා ගෙන තිබෙන බව එහි දී අනාවරණය වු අතර ඔහුගේ ආරාධනාවකට අනුව සුසිල් ප්‍රේමජයන්ත ඇමති වරයා මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටිය හ.

මෙම අවස්ථාව ට අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed