බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 12 ට තුවාල -චන්දන ජයවීර – හැටන්

තලවකැලේ, වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12 කු පමණ තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.
අනතුරුට පත් වන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 25 කු පමණ ගමන් කරමින් සිට ඇති බවත්, ඔවුන්ගෙන් තුවාල ලැබුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
වටගොඩ වතුයායේ වැඩ කිරීම සඳහා වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් ආපසු වැඩ අවසන්ව ඔවුන් නිවෙස් බලා රැගෙන ගිය බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, මේ සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.