ගසක් කඩා වැටී කාන්තාවක් මරණයට – මහනුවර වාර්තාකරු

පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට (04) පෙරවරු 11.45 ට පමණ විශාල ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් අනෙක් කාන්තාව බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අධික වර්ෂාව සමඟ පැවැති සුළඟ හේතුවෙන් මෙම ගස කඩා වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ පදිංචි හතළිස් හත් හැවිරිදි විජේ ලෙච්චමී නැමැති දෙදරු මවකි.
තුවාල ලත් එස්. පුවනේෂ්වරී (50) නැමැති අය මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.