ආපදා නිසා මහනුවර අයෙක් මරණයට නදීක දයා බණ්ඩාර – මහනුවර

අධික සුළං ඇතුලු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව පවුල් 21ක් අවතැන්වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.
වැසි සමග හමන අධික සුළං හේතුවෙන් පන්විල, නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් මතට ගසක් කඩා වැටීමෙන් ඇය මරණයට පත්ව ඇති අතර සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 21ක සාමාජික සාමාජිකාවන් 92කු අවතැන් වී ඇති බවත් ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථානවල පදිංචිකරවීමට කටයුතු යොදා ඇතැයි දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දෙල්තොට, පාතහේවාහැට, පන්විල, දොළුව, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ රැසක් අවදානම් තත්ත්වයේ පවතින බැවින් මහජනයා විමිසිලිමත් විය යුතු යැයි ද දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.