කාදිනල් හිමි වෙත කථානායක සහ අස්ගිරි පාර්ශවයෙන් විරෝධය –

මීළග පොලිස්පති තනතුර සඳහා අද දින නාම යෝජනා භාර දීමට නියමිතව සිටින නිලධාරීන් අතර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වන නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයව පත්නොකරන ලෙසට දන්වා සිටිමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අස්ගිරි පාර්ශවය විසින් විරෝධතාවයක් දක්වා ඇත.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ‘මැදිහත්වීම’ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අස්ගිරි බෞද්ධ පාර්ශ්වය, එය “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බව ප්‍රකාශ කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් , නිලන්ත ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ නාමයෝජනා අතරින් 36 වැනි පොලිස්පතිවරයා පත් කිරීම සඳහා සුදුසු නමක් ජනාධිපති වික්‍රමසිංහ විසින් අද, ජුලි මස 04 වනදා ,ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට නියමිතය.
එහෙත්, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් පත් නොකරන ලෙසට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සවිස්තරාත්මක
දිර්ඝ ලිපියක් යොමු කරමින් දැඩිව දැනුම් දී ඇත.
දිර්ඝ ලිපියක් යොමු කරමින් දැඩිව දැනුම් දී ඇත.
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ, පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත්, පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තවත් අගමීක නායකයෙකුගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් ප්‍රථම වරට පොලිස්පතිවරයෙකු ප්‍රතික්ෂේප කර ඇති බවත්, නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේය.
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ, පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත්, පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තවත් අගමීක නායකයෙකුගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් ප්‍රථම වරට පොලිස්පතිවරයෙකු ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ අතර, කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ (CC) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පොලිස්පති (IGP) පත් කිරීම සම්බන්ධයෙන් CC වෙත ලිපියක් එවීම “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බවයි.