පේරාදෙණීය විශ්ව විද්‍යාලය මහජන ප්‍රදර්ශනයට -නදීක දයා බණ්ඩාර – මහනුවර

අසූවන සංවත්සර උත්සවයට සමගාමීව ශාස්ත්‍ර, විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු, දන්ත,පශු, සම සෞඛ්‍ය ඇතුලු පීඨ නමය දැක බලා ගැනීමේ අවස්ථාවක් මහජනයාට හිමිවිය. ලෝක උරුමයක් බවට පත්වූ මහාවංශය, කුඩාම බයිබලය, ජෙට් එන්ජිම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෞතුකාගාරය, පුස්කොල ග්‍රන්ථ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇතුලු අංග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි.
අසූවන සංවත්සරයට සමගාමීව සමාරම්භක උත්සවය කුලපති සම්මානිත මහාචාර්ය ජී.එච්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කලාගාරයේදී ආරම්භ වූ අතර එහිදී අඛණ්ඩව සේවය කරන කාර්යය මණ්ඩලය සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද සිදුවිය.
විශ්ව විද්‍යාලය දැක බලා ගැනීම සඳහා විශාල ජනකායක් අද දිනය පුරා විශ්ව විද්‍යාලයට පැමිණ සිටියෝය.