හජ්ජි උත්සවය සැමරීමට මහනුවර ඉස්ලාම් සැහැහැවතුන් මහත් හරසරින් රැස්වෙති.- නදීක දයා බණ්ඩාර – මහනුවර

ලොව පුරා ඉස්ලාමීය භක්තිකයන් මහත් ගෞරවයෙන් සමරන හජ්ජි උත්සවය සැමරීම සඳහා මහනුවර ඉස්ලාමීය සැදැහැවතුන් අද  ආගමික වතාවත්වල නිරතවූහ.

 

මහනුවර මහයියාව මීරාමක්කම් පල්ලිය ඇතුලු සියලුම මුස්ලිම් පල්ලිවල පෙරවරුවේ ආගමික වතාවත් ආරම්භ විය.

 

නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවයි. ඊට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කය පුරා යාඥා ආගමික කටයුතු පැවැත්විණි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණකි.  ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න වන්නේ හජ් ඉටු කිරීමයි.

 

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed