සේවක තෘප්තිය ඉතා වැදගත් – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (නදීක දයා බණ්ඩාර – මහනුවර )

රාජ්‍ය සේවය පමණක් නොව ඕනෑම වෘත්තියක් සාර්ථක වීමට නම් සේවක තෘප්තිය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව සේවාලාභීන්ට යහපත් ප්‍රතිඵල ලැබෙන කාර්යක්ෂක රාජ්‍ය සේවයක් ඉදිරියේදී බිහිකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බහුකාර්යය සංවර්ධන සහායක සේවයේ නියුතු 253 දෙනෙකු මධ්‍යම, සබරගමු හා වයඹ පළාත් රෝහල් සඳහා සෞඛ්‍ය කාර්යය සහායකයන් ලෙස පත් කොට පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) පැවැති උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
බහුකාර්ය සහායකයන් වශයෙන් සේවය කොට සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට බදවා ගන්නා සියලු දෙනාට ආසන්නතම සේවා ස්ථානය ලබා දීමට සෞඛ්‍ය ලේකම් වෙත උපදෙස් දෙන බව ද අමාත්‍යවරයා එහිදී කීවේය. ඒ අනුව රාජකාරී අවශ්‍යතාවන්ට හානියක් නොවන පරිදී සේවා ස්ථාන ලබාදීමේදී හැකි උපරිම සාධාරණය ඉටු කිරීමට මෙහිදී කටයුතු යොදන බව ද හෙතෙම සඳහන් කළේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් රට වැටී තිබුණු තැනින් ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයා විශාල කාර්යයභාරයක් ඉටු කොට ඇතැයි කී ඒ මහතා මෙම කාර්යය මණ්ඩලය ද සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා දායක විය යුතු යැයි කීවේය.
බහු කාර්ය සහයකයන් ලෙස මීට වසර කිහිපයකට පෙර බදවා ගත් පිරිස අතරින් සෞඛ්‍ය අමාත්‍යාංශයට 830 දෙනෙක් බදවා ගෙන ඔවුන් සෞඛ්‍ය සේවයේ සෞඛ්‍ය කාර්යසහායක තනතුර සදහා අනුයුක්ත කර තිබේ. ඒ අතරින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 253 දෙනෙක් වෙත පත්වීම් ප්‍රදානය අද දිනයේදී සිදු වූ අතර සෙසු පිරිසට ඉදිරියේදී පත්වීම් ප්‍රදානය සිදු කිරීමට නියමිතය. මෙම පත්වීම් ලැබූ පිරිස මහනුවර,ගම්පොල,මාතලේ කුරුණෑගල සහ පේරාදෙණිය යන රෝහල් වෙත සේවයේ යෙදවීමට නියමිතය.