දිලීර රෝගයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සාදික්කා වගාවට හානී – ( නදීක දයා බණ්ඩාර – මහනුවර )

සාදික්කා වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන පත්‍ර පතන දීලීර රෝගය මගින් මේ වන තෙක් සැලකිය යුතු අස්වනු හානියක් සිදුව නොමැති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
දැනට අස්වනු හානියක් සිදුව නොමැති නමුත් රෝග පාලනයක් නොකරන්නේ නම් සැලකිය යුතු අස්වනු හානියක් සිදුවිය හැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම දිලීර රෝගය හේතුවෙන් සාදික්කා පත්‍ර හැලීයාම සිදුවන අතර මෙම ආසාධන තත්ත්වය මර්ධනය කිරීම සඳහා දැනටමත් දිලීර නාශක යෙදීම ආරම්භ කොට ඇතැයි ද කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලින් මෙම රෝගය බහුලව වාර්තා වී ඇති අතර පත්‍ර හැලී ගොස් ශාඛය මරණයට පත්වීම සහ ලපටි සාදික්කා ගෙඩි හැලීයාම මෙහි මූලික රෝග ලක්ෂණ වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.
මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල ව්‍යාප්තවී ඇති මෙම වගාව හෙක්ටයාර 3000ක වපසරිකයකින් යුත්තය. ඉන් වාර්ෂිකව මෙක්ට්‍රින් ටොන් 2500ක අස්වැන්නක් හිමිවන බවත් ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සාදික්කා වගාවන් සඳහා දිලීර නාශක යෙදිය යුතු බවත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම නිලධාරීවරයා මගින් වැඩිදුර උපදෙස් ලබා ගත හැකි යැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.