මේ අපේ ගෝලීය ප්‍රයිඩ් මාසයයි – ශ්‍රී ලංකා සමරිසි ප්‍රජාව – මෙලනි මානෙල් පෙරේරා

 
සෑම වසරකම ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ අයිතීන් සැමරීමෙි ගෝලීය අභිමානයේ මාසය ලෙසට සමරනු ලබන අතර ශ්‍රී ලංකාවෙි ද එම ප්‍රජාව විසින් ජුනි මස 04 වන දා කොළඹ දී අභිමානයේ පාගමනක් සහ විවිධ ප්‍රසංගයක් සංවිධානය කරතිබුණි.
 
මෙවර ඔවුන්ගේ සැමරුමෙහි තේමාව, “නිදහසේ අභිමානී පා ගමන”. ලෙස නම්කර තිබූ අතර, විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී කණ්ඩායමක් ලෙසට සිය ප්‍රජාවගේ සහ සමස්ත රටේ පවතින සමාජ ආර්ථික ප්‍රශ්න සටහන්කර තිබූ පුවරු ප්‍රදර්ශනය කරමින් විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.

“70 දශකයේදී මේ මාසයේ දී තමයි ලෝකය තුළ පළමුවෙන් ම අපේ ප්‍රජාව ගැන කථා කළේ. එය සමරන්නට තමයි ලෝකය වටා සිටින 
LGBTQ ප්‍රජාව මේ මාසයේදිත් ජූලී මාසයේදිත් මේ විධියට එකුමුතුවෙන්නේ, සමරන්නේ,” යැයි පාගමනෙහි දි විචිත්‍ර ලෙස සැරසී සිටී නොයෙක් විලාෂයන් ඉදිරිපත් කරමින් ගමන් කළ බෙනි බෙනටි ප්‍රකාශ කළේය.
 
“අතීතයේ බුද්ධ චරිතය දෙස බැලීමෙිදී ඒ කාලයේත් හිටියා ට්‍රාන්ස් අය. සංක්‍රාන්ති ලිංගික භාවය තිබුණු හිමිවරුත් සාසනයේ හිටියා, මෙහෙනිවරු හිටියා. මේ සම්බන්ධයෙන් බුදු සසුණේ ලියවිලා තිබෙනවා”, යැයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන සමාජ ක්‍රියාකාරිණි චානු නිමේෂා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
 

“අපව තේරුමි ගන්න, අපට සාධාරණව යුක්තිගරුකව ජීවත් වෙන්නට හැකිවන ආකාරයේ සමාජයක් නිර්මාණය කරගන්න ඕනේ. අපේ ජනතාවට සමානාත්මතාවයෙන් යුතුව කැමති රැකියාවක නිරතවෙලා සමාජගතව ජීවත්වෙන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා”. යැයි චානු නිමෙිෂා මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.

මෝජෝ පුවත් වෙත  තවදුරටත් අදහස් දැක්වූ ඇය කීවේ සමලිංගිකත්වය ලෙඩක් නොවන බවට ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් විසින් ප්‍රකාශකර තිබෙන බවත් ඒ සත්‍යය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed