පූර්ණ දේව ආදරය තුළ ලැබුණු උතුම් දිවිය සමාජයීය මිණුම්දඩුවලින් තක්සේරු නොකරන්න – අගරදගුරු හිමි ( මෙලනි මානෙල් පෙරේරා )

කොළඹ අගරදගුරු පදවියේ 75 වන ළමා දිනය, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වන සෙනසුරාදා තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේ දී පැවැත්විණි.

“ළමා ඔබ තිළිණයකි සමිදාණන්ගේ” යන තේමාව ඔස්සේ මෙවර ළමා දිනය සංවිධානය කර තිබූ අතර ළමුන් ආශිර්වාද කිරීම සඳහා පැවති දිව්‍ය පූජාව මෙන් ම, ළමුන්ගේ ම හැකියාවන් දක්‍ෂතාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දී තිබු අවස්ථාවන් ද සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සමන්විත විය.  

 
ලෝක ප්‍රකට තේවත්තේ පැවති මෙම “ළමා දින 75 සංවත්සරයට” කොළඹ අගරදගුරු පදවියේ සියලුම දහම් පාසල්වල ළමුන් සහ ගුරුවරුන් දහස් ගණනක් සහභාගී වූහ.

අගරදගුරු පදවියේ සියලුම දහමි පාසැල් නියෝජනය කරමින්  සිසු සිසුවියන් සහ ගුරුවරන්ද සහභාගී වු ළමා දින සැමරුම් දිව්‍ය පූජාවෙි දේශනය පවත්වමින් අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන්, දෙවියන්වහන්සේ කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය දක්වන් බවත් සෑම දරුවෙකුටම උන්වහන්සේ තුළ සුවිශේෂීවු සැලැස්මක් ඇති බවත් එබැවින් සමාජයීය මට්ටමින් පවතින මිණූම්දඩූ වලින් දෙවියන් තිළිණ කළ උතුම් දිවිය තක්සේරුකරන්නට එපා යැයි ඉල්ලා සිටියේය.

“සෑම බාල ළමයෙක්වම දෙවියන්වහන්සේ මවන්නේ යමිකිසි විශේෂ අරමුණක් ඉලක්කයක් ඇතිවයි. ශුද්ධවු බයිබලයේත් සමස්ත සභා ධර්මයෙත් සටහන් වෙනවා, ලෝකයේ ජීවත්වන සෑම කෙනෙක්වම කුඩාකළ සිට ම  දෙවියන්වහන්සේ සකස්කරන්නේ උන්වහන්සේගේ අරමුණක් ඇතිව කියා.”

 
“දේව ආදාරය තුළ අපි සියලුම දෙනා එක හා සමානයි. නමුත් අපි සියලුම දෙනා එකම කැඳවීමකට එකම ගමන් මාර්ගයක යන්නට නෙවෙයි කැඳවා තිබෙන්නේ. අපි විවිධ කැඳවීම් වලින් යුතුව විවිධ ගමන් මාර්ගවල ගමන් කරනවා. ඒ නිසා , දේව ආදරය තුළ ඔබට ලැබුණු සුවිශේෂනීය ජීවිතය දෙස සමාජයේ පවතින මිණුමිදඩුවලට සීමා වී බලන්න එපා.” යැයි කාදිනල් හිමිපාණන් දරුවන් වෙත අවධාරණය කළේය.

මෙි විශේෂිතවු ගමන් මාර්ගයට අපි විවෘත වෙනතරමට, ඉඩදෙන තරමට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සිහිනය අපේ ජීවිත තුළ සැබෑ කරනවා. එබැවින් ඔබ කිසිවිටෙකත් ඔබෙි යහලුවා දෙස බලා ඔබ ගැන අවතක්සේරු කරගන්න එපා ඔබට කිසිවක් කරගන්න බැහැ. ඔබේ ජීවිතයෙන් වැඩක් නැහැ කියලා.
 
සියලුදේටම වඩා දේව කැමැත්ත ඉටුකිරීම වැදගත් කියා සිතා, කුඩාකළ දී ම දෙවියන්වහන්සේට තිබූ ආදරය නිසා ජීවිත පූජාකළ තාර්සිසියස් මුනිතුමා,  ශුද්ධවු සත්ප්‍රසාදය වටා ගොඩනගාගත් ජීවිතයක් ගතකළ, පවිකරනවාට වඩා මරණය යහපත් කියා ප්‍රකාශකළ දොමිනික් සාවියෝ මුණිතුමා , සිය පවුලම සාන්තුවරයට පත්වුණු ලිසියේ තෙරේසා (කුඩාමල) මුනිතුමිය මෙන්ම මෑත අතීතයේදි සාන්තුවරයට එසවූ 1991 මැයි මස 03 වනදා ලංන්ඩන් නුවර ඉපදුණු කුඩාකල සිටම දිව්‍යසත්ප්‍රසාදවහන්සේට අසීමිත ආදර ගෞරවයක් දැක්වූ තරුණ කාර්ලෝ අකූටිස් මුනිතුමා යන සාන්තුවරයන්ගේ ජීවිත පිළිබඳව අගරදගුරු හිමිපාණන් විසින් සිසුන් වෙත පැහැදිළිකර දෙමින්  සියලුම දෙනා පුජක පැවිදි ජීවිත ගතකිරීම අත්‍යවශ්‍ය නොවන බවත් ගිහි ජීවිතය තුළින් ද සාන්තුවරයන් බිහිවීමේ භාග්‍යය ඇති  බවත් පෙන්වා දුණි. 
 
රදගුරුහිමි ගේ ආරාධනාව මත පූජකතුමෙකු සහ පැවිදිවරියක විසින් ඔවුන් ගේ පැවිදිවරයට දේව කැඳවීම ලැබුණු ආකාරය සහ ඔවුන් එය පිළිගෙන වත්මන වන තුරු සේවයකිරිම පිළිබඳව ද දරුවන් ඉදිරියෙහි ප්‍රකාශ කළේය.

දේවමාතා ප්‍රතිමාවෙන් දරු දැරියන් ආශිර්වාද කිරීමෙන් පසුව සිසු සිසුවියන්ගේ දක්‍ෂතා ඇතුලත් විවිධ ප්‍රසංගයක් ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed