ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Francois Garraux (ජුනි 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශකවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
දෙරට අතර පවතින හමුදා සහයෝගීතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දියහැකි පුහුණු අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා මෙම අවස්ථාවේ පැහැදිලි කරන ලදී.
මෙම අදහස් හුවමාරුවේදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කෙරිණ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ද මෙම හමුවට එක්ව සිටියේය.