පුත්තලමේ හෙරලි පෙරලිය – මහිෂා තත්සරණි හලාවත

ලෝක පරිසර දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කය පුරා කොස් පැල ලක්ෂ 03 ක් සිටුවීමේ වැඩ සටහනක් 05 වැනිද දහවල් හලාවත – ආරියගම ප්‍රදේශයේදී ආරම්භ කරන ලදි.
පුත්තලම දිසා ලේකම් එච්.එම්.හේරත්, ගුවන් හමුදාවේ විධායක කෘෂිකර්ම නිලධාරී එයාර් කොමදෝරු එරන්දික ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.
මෙහිදී විවිධ වර්ගයේ කොස් පැල රෝපණය කිරීමක් සහ බෙදා දීමක්ද සිදු කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඊයේ 05 ආරම්භ කල “තම්බපණ්ණී හෙරළි නවෝදය” වැඩ සටහන ට සහය පල කරමින් ගුවන් හමුදාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති “හෙරළි පෙරළි” වැසටහන ද මේ සමග ම ක්‍රියාත්මක විය.