පොසොන් පෝයට මහ සෙනඟක් මාලිගාවට – නදීක දයා බණ්ඩාර . මහනුවර

පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද දිනය පුරා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටියි.
සැදැහැවතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීම මත ඓතිහාසික මඟුල් මඩුවේ සීල ව්‍යාපාරයක් ක්‍රියාත්මකය.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගා පොලීසිය ආරක්ෂිත කටයුතු සම්පාදනය කොට ඇති අතර සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් කිහිපයක් ද මාලිගා පරිශ්‍රය ඉදිරිපිට දී පැවැත්විණි.
ශ්‍රී දළදා මාලිගාවට සමගාමීව ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමය, බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මළුවිහාරය, තපෝවනය ඇතුලු සෑම බෞද්ධ ආගමික ස්ථානයකම ආගමික වැඩසටහන් සංවිධාන කොට තිබිණී.