අයිස් එක්ක ඉන්දීය ජාතිකයෙකු කල්පිටියේදී පොලිස් අත්අඩංගුවට – ප්‍රසාද් පුර්ණමාල්

අයිස් මත්ද්‍රව්‍ය  ජාවාරමේ නිරතව සිටි බව කියන  හත් දෙනෙකු සමග  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ  තුනක්  කල්පිටිය ප්‍රදේශයේ දී අද 01  අලුයම  අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

අඩංගුවට ගත් සැකකරුවන් අතර තමිල්නාඩුවේ පදිංචි ඉන්දියන් ජාතිකයකු ද සිටින බව  වාර්තා වේ . මොහු වසර 12 ක කාලයක සිට මේ ජවාරම සිදු කර ඇති බව  පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත .

අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියන් ජාතිකයා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය එරට සිට මෙරටට රැගෙන ආ පුද්ගලයා ලෙසට පොලිසිය සැක කරයි.

පොලිස් විශේෂ කාර්යාංශය කල්පිටිය ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් 61578  බණ්ඩාර  ට  ලැබුණු තොරතුරක් මත  බස් රථයක් නවතා  පරික්ෂා කිරීමේදී  මේ මත් ද්‍රව්‍ය  අඩංගු පාර්සල් තුන   සමග සැකකරුවකු මුලින්ම අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත .

අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් හෙළිකරගත් තොරතුරු මත ඔහු ගෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි  ඉන්දීය ජාතිකයා වෑන්  රථයක් තුළ සිටියදී කල්පිටිය, කරබ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ෆෙන  තිබේ .

කල්පිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති පො.ප.එම්.අයි.බි.නිශාන්ත කුමාර  මහතාගේ උපදෙස් පරිදි  කල්පිටිය පොලිස් ව්ශේශ කාර්යංශ ඒකකයේ  ස්ථානාධිපති උ.පො.ප.මධුරංග  පොලිස් සැරයන් 61578  බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙව් වැටලීම සිඔදු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed