මහනුවර වෙසක් කලාපය – නිමල් කොළඹිස්ස  – මහනුවර

 

තිලේගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සමරනු වස් ලෝවාසී බෞද්ධයන් ඉමහත් බැතියෙන් සමරන වෙසක් මංගල්‍යයට සමගාමීව මහනුවර වෙසක් කලාපය අද පෙරවරුවේ ආරම්භ විය.

මහනුවර නගරය හා නාගරික බල සීමාව තුළ වෙසක් කලාප 10ක් ක්‍රියාත්මක වන අතර ඒ සියල්ල වෙසක් කූඩු, තොරණ, බැති ගී, දන්සැල් ආදියෙන් සමන්විතය. වෙසක් මංගල්‍ය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී නාථ දේවාල පරිශ්‍රය, බහිරවකන්ද ශ්‍රී මහ බෝධි පරිශ්‍රය, ගැටඹේ රාජෝපවානාරම විහාරය, මහනුවර තපෝවනය ඇතුලු සියලුම බෞද්ධ ආගමික සිද්ධස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් ක්‍රියාත්මක වේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කරන දන්සැල් සහ වෙසක් බැති ගී සරණය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී අද පස්වරුවේ ආරම්භ වේ.

වෙසක් සැමරුම නිමිත්තෙන් අස්ගිරිය මහ පිරිවෙන ඉදිරිපත් කරන සුභ තෙරණියගේ කථා වස්තුව රැගත් දර්ශනීය තොරණ අද පස්වරුවේ එහි පරිවේණාධිපති පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ සහභාගීත්වයෙන්  මහජනයා වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගඟවට කෝරළය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතන රැසකගේ දායකත්වයෙන් මෙම මහනුවර වෙසක් කලාපය ක්‍රියාත්මකය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed