ත්‍රස්ත-විරෝධී පනතට එරෙහිව උතුරු නැගෙනහිර කාන්තාවෝ සාමූහිකව විරෝධතාවය දක්වති — මෙලනි මානෙල් පෙරේරා

සභාගත කළ පනතට එරෙහිව සුළු ජාතික යැයි හඳුන්වන දෙමළ සහ මුස්ලිම් කාන්තාවන් සිය ගණනක් වීථි බැස හඬ නැගු අතර, ඊට පසු දිනෙක යෝජිත ත‍්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බෞද්ධ නිකාය තුනේම මහ නාහිමිවරු විසින් ද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා ඇති අතර එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර එහි අඩංගු ඇතැම් විධිවිධාන ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
2023 අප්‍රේල් 20 වන දින oS” ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතට එරෙහිව ඊසානදිග කාන්තා සාමූහිකය විරෝධතාවක් පැවැත්වීය’ කාන්තාවන්” ස්ත්‍රීවාදී මානව හිමිකම් ආරක්ෂකයින්” කාන්තා සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරිනියන් විසින් උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක අටේහි දී ම මෙම විරෝධතාව පැවැත්විණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළුතර ප්‍රජාවන් දැනටමත් පීඩාවට පත්ව සිටින අතර තවදුරටත් එසේම පීඩා විඳිමින් සිටින බවත් නව ATA පනත වඩාත් කුරිරු බවත් එය සුළු ජාතීන්ගේ, කාන්තාවන්ගේ සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ හඬ බිහිසුණු ලෙස යටපත් කරන බවත් කාන්තාවන් පැවසීය.
එබැවින් ඔවුන් සාමූහිකව හඬ නැඟුවේ ATA පනත පාර්ලිමේන්තුවේ සම්මත නොකරන ලෙසයි.
මේ අතර, යෝජිත ත‍්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බෞද්ධ නිකාය තුනේම මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දන්වා ඇති අතර, එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර එහි ඇතුළත් ඇතැම් වගන්ති ඉවත් කරන ලෙස ද ඉල්ලා තිබේ.
රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කොටස් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමී විසම්මුතිය උල්ලංඝනය කරන විධිවිධානවලට එරෙහිව සමාජය තුළ දැඩි විරෝධයක් මතුව ඇති බව ද නාහිමියන් විසින් පෙන්වා දී ඇත.