ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි ..වෙන්නේ ඇමතිකම් බෙදා ගන්න යන එක — තිස්ස කියයි – මහනුවර වාර්තාකරු

මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් ගෙනවිත් ඇමැතිකම් බෙදා ගැනීම නොව රට ගොඩ නැගීම පිණිස ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ජාතික ආණ්ඩුව මුවාවෙන් ආණ්ඩුව උත්සහ කරන්නේ තුනෙන් දෙකක බලයක් ගොඩනගා ගෙන ඒකාධිපති හා හිතුවක්කාරී ගමනට නීතිමය බලයක් ලබා ගැනීමට යැයි ද ඒ මහතා කීය.
මහනුවර දී පෙරේදා (22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තිස්ස අත්නායක මහතා මෙසේද කීවේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 40 ක් පරණයි. ගත වූ කාලය තුළ මේක භාවිත කර තිබෙන ආකාරය පිළිබඳව ජත්‍යන්තරයේ බරපතල චෝදනා එල්ල වුණා . තිබෙන පනත අහෝසි කර නව පනකතක් ලෙස ආණ්ඩුව මේක ගේන්න උත්සහ කරන්නේ ජනතාව මර්දනය කිරීම අරමුණු කර ගෙනයි. ජාතික ආරක්ෂාව මූලික කර ගනිමින් නව පනතක් ගේනවා නම් අපිත් එක්ක අවංකව සාකච්ඡා කරලා ඒක කරන්න කියලා අපි කියනවා . මාධ්‍ය මර්දනය ඇතුළු අනතුරු ගණනාවක් මේ ඔස්සේ පැන නගිනවා.අධිකරණ ඇමැතිවරයා මේක මොනතරම් සාධාරණීකරණය කරන්න උත්සහ කළත් ජත්‍යන්තර වශයෙන් පවා මේකට විරුද්ධව මත පළ කෙරෙමින් තිබෙනවා.
අපි මේ පනත සම්බන්ධයෙන් අධිකරණයට යන්න බලාපොරාත්තු වෙනවා . ඒ වගේම පනත මගින් සිදුවන බලපෑම සම්බන්ධව ජත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන්නත් අපේක්ෂා කරනවා. ජාතික ආරක්ෂාවට මේක වැදගත් කියලා ආණ්ඩුව කියනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍යය නීති රටේ තිබෙනවා. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවූ ගැටලු නිරාකරණය කර ගැනීම හැර නව පනත් ගෙනල්ලා අණ්ඩුවට එරෙහිව නැගෙන දේශපාලන,වෘත්තිය සමිති හා මාධ්‍ය මර්දනය කිරීමට තමයි මේ අය උත්සහ කරන්නේ.

දැනට තිබෙන ත්‍රස්ත විරෝධී පනතේ මාධ්‍ය හා වෘතිතිය සමිති සම්බන්ධ ප්‍රශ්නය තිබුණේ නැහැ. නව පනතට සංශෝධන කිහිපයක් ගේන්න කියලා අපි ඉල්ලන්නේ ඒ නිසයි. අත්අඩංගුවට ගන්නා අයෙකු රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට ලබාදීම තුළින් දේශපාලන වුවමනාව මත අදාළ ක්‍රියාවලිය සිදුකරන්න අවශ්‍යය පසුබිම සකස් වෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසි කළ යුතු බව ජත්‍යන්තර ප්‍රජාව කියනවා. මේ රටේ ත්‍රස්තවාදය මර්දනය වුණේ ඒ පනත මගින්ම නොවෙයි කියන එකත් අපි තේරුම් ගන්න ඕන. මානව හා සිවිල් අයිතිවාසිකම් සම්බන්ධව ලෝකය අද වෙදනට වඩා අවධානය යොමුකර තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් අපි ක්‍රියා කළ යුතුයි. එදා මේ පනත අනුමත කළා නම් අද අනුමත නොකරන්නේ ඇයි කියලා කියන එක වැරදියි.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව දෙමව්පියන්ගේ පැත්තෙන් විශාල අඳොනාවක් තිබෙනවා. විභාග ප්‍රශ්න පත්‍ර බැලීම වෘත්තිය අරගලය සමඟ එකතු කිරීම සම්බන්ධව විශාල විරෝධයක් ජනතාව අතර තිබෙනවා. මෙහි දෙපැත්තක් තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවීමට වගබලා ගැනීම සම්බන්ධයෙන් අප හැමෝටම වගකීමක් තිබෙනවා. එහෙම කියලා මේ හරහා මර්දනයක් හෝ තර්ජනයක් කිරීම වැරදියි. විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සංගමය හා අධ්‍යාපන වෘත්තියවේදීන් යම් යම් එකඟා සම්බන්ධයෙන් ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරනවා. ඒවාට ඇහුම්කන් නොදී ආණ්ඩුව උත්සහ කරන්නේ මර්දනය තුළින් ප්‍රශ්න වලට උත්තර සොයන්න නම් ඒක වැරදියි. මේ ප්‍රශ්නයට දරුවන් පටලවා නොගෙන විසඳුම් සොයන්න උත්සහ කරනවා නම් හොඳයි. දරුවන්ගේ විභාග ප්‍රතිපල ප්‍රමාද වීම ඔස්සේ දෙමව්පියන් තුළ ඇතිවන සංවේදීතාව උපයෝගි කරගෙන ආණ්ඩුව ආචාර්යවරු මර්දනය කරන්න උත්සහ කරන්න කටයුතු කරනවා නම් අපි ඒකට විරුද්ධයි.

සමගි ජනබලවේගයෙන් ආණ්ඩුවට එකතු වෙන්න කවුරුවත් නැහැ. මේවා ආණ්ඩුවේ මාධ්‍ය ජිල්මාට්. සමගි ජන බලවේගය අධෛර්ය කරන්න පුළුවන් කියලා හිතාගෙන නොයෙක් ප්‍රචාර ගෙන යනවා. පක්ෂයේ ඇතැම් අය අතර විවිධ මත තියෙන්න පුළුවන්. ඒසේ වුූ පමණින් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වෙනවා කියන එක වැරදියි. දැන් මාස ගානක් තිස්සේ මේ කතාව කිව්වත් කවුරුවත් තාම ගිහිල්ලා නැහැ. මගේ විශ්වාසය කවුරුවත් මේ ගිලෙන නැවට ගොඩවෙන්නේ නැහැ කියන එකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed