දරුවන් ප්‍රාණ ඇපයට ගන්න එපා – ඩලස් ඉල්ලයි – මහනුවර වාර්තාකරු

ගෙන කවුරුන් හෝ විරෝධතා නොදක්වා සංවේදීව ඔවුන් ගේ ප්‍රශ්නය දෙස බලන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය,කොවිඩ් තත්ත්වය හා ආර්ථික අර්බුදය කියන කාරන තුන හේතුවෙන් මෙරට පුරවැසියන් වසර පහක් තිස්සේ දුක් විදින බවත් ඒ අතරින් වැඩියෙන්ම පීඩාවට ලක්වූයේ දරුවන් බව අප අමතක නොකළ යුතු බවත් ඒ මහතා කීය.
මහනුවර දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.සාමාන්‍ය පෙළ සඳහා මේ වනවිට ළමුන් ලක්ෂ 06 ක් එකතු වී සිටිනවා. කවර හෝ කණ්ඩායමක් දරුවන් ප්‍රාණ ඇපයට ගෙන විරෝධතාවක් දක්වන්නේ නම් පියවරු හා ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අපි එම ව්‍යුහයේ නැහැ. ආණ්ඩුව මේ ප්‍රශ්න පිළිබඳව සංවේදී නැහැ. ඇහුම්කන් දෙන්නේ නැහැ. දඩබ්බර විසදුම් හා අත්තනෝමතික ප්‍රකාශ හරහා පමණයි අපිට රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා මේ අය හිතනවා. ආණ්ඩුකරණය කියන්නේ ජනතාව පීඩාවට පත් කිරීම නොවෙයි. දරුවන්ගේ පැත්තෙන් හිට ගන්න කියලා අපි සියලු කන්ඩායම් වලින් ඉල්ලනවා. දරුවන්ගේ අනාගතයට බාධා හා හිරිහැර නොවන ලෙස සංවේදීය ප්‍රශ්නය දෙස බැලිය යුතුයි.