අලුත් පනත ගැන මෛත්‍රි ගේ අදහස -මහනුවර වාර්තාකරු

පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටු දැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අලුතින් ගෙන ඒමට නියමිත පනතේ හොඳ නරක පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට බදුන්කර ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව සංශෝධන අවශ්‍යය වන්නේ නම් ඒවා කර ගැනීමේ අවස්ථාව පවතින බවත් ඒ මහතා කීය.
ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ආශිර්වාද ලබා ගැනීමට  අද (19) මහනුවරට පැමිණි අවස්ථාවේ සිරිසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
අදාළ පනත සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කිරීම සඳහා එය පක්ෂයේ නීතී විශේෂඥයින්ට බාර දී තිබෙන බවත් ඔවුන් ඒ පිළිබඳව ලබාදෙන නිර්දේශ පක්ෂය තුළ සාකච්ඡාවට බදුන් කර පනත සම්න්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා ද සහභාගි විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *