මහනුවර සුපිරි පුත්තු පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහර දීලා – මහනුවර වාර්තාකරු

මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි තරු හෝටලයක එළිමහන් පරිශ්‍රයේ පැවැත් වූ සංගීත සංදර්ශනයක් අතරතුර පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි බලවේගයේ නගර සභා අපේක්ෂකයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු තරුණයින් හය දෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරුවන් අතර මහචාර්යවරයෙකුගේ,වෛද්‍යවරයෙකුගේ හා මහනුවර ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයින් සිටින බව පොලීසිය පවසයි.
සංගීත සංදර්ශනය අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේ පහර කෑමට ලක්ව ඇද වැටී තිබෙන පොලිස් නිලධාරියාගේ එක් අතක් වැලමිට ප්‍රදේශයෙන් විසන්ධි වී තිබෙන අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී ඔහු සැත්කමකට ද භාජනය කර තිබේ.
අදාළ ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත. සැකපිට අත්අඩංගුවට ගත් තරුණයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් මෙම මස 27 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *