“කරුණාවේ හදවත ” තේ වත්තකට කරුණාව දක්වයි -හැටන්  – චන්න අද්දරගේ

හැටන් – ඇබෝස්ට්ලි තේ වත්තේ කැලණිවත්ත ප්‍රදේශයේ කම්කරු පවුල් 130 ක් සදහා පිරිසිදු පානිය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ජනසතු කිරිම ඉකුත්  දා සිදු කෙරින .

වසර 40 ට ආසන්න වූ කාලයක සිට මෙම ප්‍රදේශයේ ජනතාවට පරිභෝජනය සදහා පිරිසිදු ජලය නොතිබින.ඔවුන් ප්‍රදේශයේ සකසා ගන්නා ලද වගා ලිං වලින් සිය ජල අවශ්‍යතාව සපුරාගනු ලැබු අතර  එම ජලය මඩ හා මලකඩ මිශ්‍රිත අපිරිසිදු විය.එම නිසාම එම ප්‍රදේශයේ විශේෂ පානිය ජල ව්‍යාපෘතියක් ක්‍රියාක්මක කරමින් සෑම නිවසකටම පුද්ගලික පරිහරණය සදහා ජල නල පද්ධතියක් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කර තිබේ.

ප්‍රදේශයේ හදුනාගත් ජල මුලාශ්‍රයන් වල සිට නල මාර්ගයෙන් ඒකරාශි කර ගැනීමේ ටැංකි කීපයක් වෙත ගෙනවිත් එම ස්ථාන වල සිට බෙදා හැරීම ට සැලසුම් කර ඇත.එම ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1.5 කි .

වසර ගනනාවක් සිට පාලාත් පාලන ආයතන හා විවිධ දේශපාලන නියෝජිතයාන් වෙත  ඉල්ලීම් කල ද පල රහිත වු අතර මානව හිමිකම් පිළිබද සාම තානාපති ආචාර්ය යොහාන් පෙරෙරා මහතාගේ මැදිහත් වීමෙන් “කරුණාවේ හදවත ” නමැති ව්‍යාපාරය විසින් Living water වැඩසටහන ට අදාලව මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ජනසතු කරන අවස්ථාවට ආචාර්ය යොහාන් පෙරේරා . පුජක උදය කාන්ත් .ප්‍රජා පොලිස් නිලධාරි හා සුබ පතන්නන් පිරිසක් එක්ව සිටියහ .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *